ලාල ලල් ලල්
ලාල ලල් ලල්
ලාල ලල් ලල් ලා....
මල් වගේ හිනැහී බලා
ආදරෙන් රස ගී ගයා ....//
ජන්මෝත්සවයේ මගේ
සාදරෙන් පිළිගන්නෙමී
මල් වගේ හිනැහී බලා
ආදරෙන් රස ගී ගයා
ආයුබෝවන් ආව හැමටම
හිතවන්තයිනි මගේ
වාසනාවන් මල් හිනාවන්
පිහිනමු සෙනෙහෙ ගඟේ
පිහිනමු සෙනෙහෙ ගඟේ
පිහිනමු සෙනෙහෙ ගඟේ
ජිවිතේ අපගේ මෙසේ
සන්තොසින් සතුටින් ගෙවේ ...//
ප්‍රීති වේ නම් මේ වගේ
ශෝක සංකා නෑ හිතේ
මල් වගේ හිනැහී බලා
ආදරෙන් රස ගී ගයා
ශ්‍රී ලංකාවේ වාසී හැම දෙන
එක්වී එකට ගැටී
එකම පවුලේ දූ පුතුන් මෙන්
සතුටින් සිටිමු අපී
සතුටින් සිටිමු අපී
සතුටින් සිටිමු අපී
ජන්ම භූමියෙහී අපේ
සාමයේ කුසුමන් පිපේ ...//
ප්‍රීති වේ නම් මේ වගේ
බේද කරදර නෑ රටේ
මල් වගේ හිනැහී බලා
ආදරෙන් රස ගී ගයා
දැන් ඉතින් එක සෝයුරන් මෙන්
කවුරුත් එකතු වෙලා
ප්‍රීති වන්නකො ගී ගයන්නකො
සැනසෙමු සතුටු වෙලා
සැනසෙමු සතුටු වෙලා
සැනසෙමු සතුටු වෙලා
සාමයේ සහජීවනේ
දාමයෙන් එක් වී බැඳී ...//
ප්‍රීති වේ නම් මේ වගේ
ලෝකයේ දුක යයි නැසී
මල් වගේ හිනැහී බලා
ආදරෙන් රස ගී ගයා
ජන්මෝත්සවයේ මගේ
සාදරෙන් පිළිගන්නෙමී
ජන්මෝත්සවයේ මගේ
සාදරෙන් පිළිගන්නෙමී
ගායනය - ඉන්ද්‍රාණි වජේබණ්ඩාර
පද - ගුණරත්න අබේසේකර
තනුව - හින්දි
1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.
1958 දී භාරතයේ තිරගතවූ Detective හින්දි චිත්‍රපටියට ගීතා දත් සමග මොහොමඩ් රාෆි ගැයූ Kal talak hum thik tha යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Singers: Geeta Ghosh Roy Chowdhuri (Geeta Dutt), Mohammed Rafi
Lyricists: Shailendra (Shankardas Kesarilal)
Music Composer: Mukul Roy
Movie/album: Detective (1958)
No comments:
Post a Comment