Sunday, November 15, 2026

ඉවසා අවවාදේ

ඉවසා අවවාදේ

කීකරු වනු ඔබ

ප්‍රීතිය වේ ජය වේ ...//


ඔහො ආලය මේ ලොව මායමකී

ඒ ස්ථීර නෑ හෙට යාය බිඳී

හෝ.....ඔඕ...

ඒ මුත් ඊළඟ දිනයේ ඔබ වෙත 

තව බඹරෙක් ඒවී


අද මව් පිය ආලේ 

පරම සැපකි ඒ

ඔහු නෑ ලොවෙහි සදා


ප්‍රේමවන්තයො ලෝකෙ බෝ ඇත

මව්පියො නෑ එලෙසේ ...//


අස්ථිර මේ ලෝකේ

නැති වූ දෙය ගැන සෝකේ


පොඩි කාලෙ හඳ ඉල්ලා හැඬු සේ ළාමක දේ කීවේ ...//


ඉවසා අවවාදේ

කීකරු වනු ඔබ

ප්‍රීතිය වේ ජය වේ ...//


ගායනය - ෂර්ලි බ්ලයිත්

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - බී.එස්. පෙරේරා


1959 දී තිරගතවූ "හදිසි විවාහය" චිත්‍රපටියේ ගීයකි.


No comments: