ලොව පුදුම තුඹසකී.....
විසකූරු සතුන් ඇති කල ...
නොදැන යයි අග මුල ...
කුමන අනුවණ කම් ද මේ කළ...
සිතුවේ නෑ කිසිදා ප්‍රේමය දුක් දේය කියා //
දුකකී මේ රුදු ප්‍රේමේ
ගලකී දුර්ජන හර්දේ
පවකී මේ සිදුවූ දේ
සිතුවේ නෑ කිසිදා ප්‍රේමය දුක් දේය කියා
ඝෝර භවේ
දුක නෑ පෙනුණේ
පෙර මෝහයෙන් වැසී ...//
දෙගුරුන්ටා දුක දී
පතනා ආලේ හැටී මේ සැපේ තමා ...//
සිතුවේ නෑ කිසිදා ප්‍රේමය දුක් දේය කියා
වැරදුණු දාට ලොවේ ...
හෝ...
වැරදුණු දාට ලොවේ
හිතවත්කම් නැතිවේ
මව්පියො නෑ කිසිදා
අතහැරියේ සෙනේ
සැපා නොවේ ප්‍රේමේ මහා විනාසෙකි පෑවේ
ලෝ මුනිඳා දෙසු ධර්මේ...//
සිතුවේ නෑ කිසිදා ප්‍රේමය දුක් දේය කියා //
දුකකී මේ රුදු ප්‍රේමේ
ගලකී දුර්ජන හර්දේ
පවකී මේ සිදුවූ දේ
සිතුවේ නෑ කිසිදා ප්‍රේමය දුක් දේය කියා
ගායනය - මොහිදීන් බෙග්
පද - ඒ.ජේ. ද සොයිසා
සංගීතය - බී.එස්. පෙරේරා
1959 දී තිරගතවූ "හදිසි විවාහය" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment