Tuesday, October 6, 2026

දෝසේ සාදා පාපෙ ගැලීලා

දෝසේ සාදා 

පාපෙ ගැලීලා මනු ලෝ සතා ...//


ප්‍රාණෙ නසන්නා කාමෙ ඇලෙන්නා

එච්චර දේ කරන්නා සම්පත් විඳින්නා

ලෞකික භාවේ නිස්සාරතාවේ

විකට විකාරේ නොදැන නොතේරේ

පව් බර වැඩෙනා වූ අනේකා

හෝ..

අපරාධ ක්‍රියා එපා එපා


දෝසේ සාදා 

පාපෙ ගැලීලා මනු ලෝ සතා


ධර්මෙ බැඳෙන්නා සීලෙ රකින්නා

යුක්ති කරන්නා හැම දා හිඟන්නා

පෝසත් නොවූ ඒ සුදනාගෙ චිත්තේ

රැඳෙනා වු සාමේ මහඟු සැපේ දේ


පාපී දනා එහි ශාපේ විඳීවී

හෝ

පාපී දනා එහි ශාපේ විඳීවී

කී කළ දේ ඵල දේ මේ ලොවේ


දෝසේ සාදා 

පාපෙ ගැලීලා මනු ලෝ සතා


බෝ විට සුදනා නොදැන නොතේරී

මේ දුදනාගේ දැලෙහි වැටේවී

සත්‍යාසත්තේ තේරී බේරී

දෝෂ කලා වූ අය රැවටේවී


පංච ශීලේ සාරවත් වේ

හෝ

පංච ශීලේ සාරවත් වේ

මැදියම් පිළිවෙත ඒ යෝග්‍ය වේ


දෝසේ සාදා 

පාපෙ ගැලීලා මනු ලෝ සතා


ගායනය - මොහිදීන් බෙග්

පද - කරුණාරත්න අබේසේකර

තනුව - Kalyanji Virji Shah

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1958 දී භාරතයේ තිරගතවූ Post Box 999 හින්දි චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ Jogi aaya leke sandesha bhagwan ka යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.




හින්දි ගීතය

जोगी आया लेके संदेसा भगवन का

जोगी आया लेके संदेसा भगवन का

ध्यान धरो रे भाई ध्यान धरो रे

ध्यान धरो रे भाई धरम का इमां का

जोगी आया लेके संदेसा भगवन का

जोगी आया लेके संदेसा भगवन का


तेरी भलाई साथ है तेरे

तेरी बुराई साथ है तेरे

जो भी किया है तूने यहाँ रे

उसका नतीजा साथ ही डेड

लिख तेरी करनि का लेखा

लिख तेरी करनि का लेखा

जो मालिक है जहाँ का

जोगी आया लेके संदेसा भगवन का


चुपके से जाके सोच अकेले

क्या क्या तूने खेल है खेलेड

देखा है तूने अपना सुख रे

चाहे कितने कोई दुःख झेले

भूल गया हरी दिन दयामय

भूल गया हरी दिन दयामय

वो साथी न धनवान का

जोगी आया लेके संदेसा भगवन का


मत भटके तू ो संसारी

लोभ मोह की है अंधियारी

आते जाते खायेगा ठोकर

पड़ी रहेगी दौलत साडी

अपने मन के कोने में तू

अपने मन के कोने में तू

अब डीप जलाले ज्ञान का

जोगी आया लेके संदेसा भगवन का


Jogi aaya leke sandesha bhagwan ka

Jogi aaya leke sandesha bhagwan ka

Dhyan dharo re bhai dhyan dharo re

Dhyan dharo re bhai dharam ka iman ka

Jogi aaya leke sandesha bhagwan ka

Jogi aaya leke sandesha bhagwan ka


Teri bhalai sath hai tere

Teri burai sath hai tere

Jo bhi kiya hai tune yaha re

Uska natija sath hi dede

Likh teri karni ka lekha

Likh teri karni ka lekha

Jo malik hai jahan ka

Jogi aaya leke sandesha bhagwan ka


Chupke se jake soch akele

Kya kya tune khel hai kheled

Dekha hai tune apna sukh re

Chahe kitne koi dukh jhele

Bhul gaya hari din dayamay

Bhul gaya hari din dayamay

Wo sathi na dhanwan ka

Jogi aaya leke sandesha bhagwan ka


Mat bhatke tu o sansari

Lobh moh ki hai andhiyari

Aate jate khayega thoakr

Padi rahegi daulat sari

Apne man ke kone me tu

Apne man ke kone me tu

Ab deep jalale gyan ka

Jogi aaya leke sandesha bhagwan ka


Song - Jogi aaya leke sandesha bhagwan ka

Singer - Prabodh Chandra Dey (Manna Dey)

Lyricist - Pyarelal Shrivasta (P. L. Santoshi

Music Composer - Kalyanji Virji Shah

Movie - Post Box 999 (1958)


Monday, October 5, 2026

මා සොයා ආ නිසා වාසනා

මා සොයා

ආ නිසා

මා සොයා ආ නිසා වාසනා

ප්‍රේමයේ දීපෙ දැල්වී ගියා

ජිවිතේ අන්ධකාරේ නසා

මා සොයා ආ නිසා වාසනා

ප්‍රේමයේ දීපෙ දැල්වී ගියා

ජිවිතේ අන්ධකාරේ නසා


ළහිරු වැස්සෙන් පසුයිනේ නැඟීලා ගියේ

වේදනාවෙන් දුකෙන්මයි සැපේ සෑදුණේ ...//

රෑ දාවලේද දුක් ගින්න වින්ද

අපතේ ගියේ නෑ අනේ


මා සොයා ආ නිසා වාසනා

ප්‍රේමයේ දීපෙ දැල්වී ගියා

ජිවිතේ අන්ධකාරේ නසා


එයද සෝබා දහම් ජීවිතේ ලෝ තලේ

මාගෙ ආසාවෙ විශ්වාසෙ ප්‍රේමේ බලේ


එයද සෝබා දහම් ජීවිතේ ලෝ තලේ

මාගෙ ආසාවෙ විශ්වාසෙ ප්‍රේමේ බලේ

ස්ථීර ආලේ බැඳගත්ත තාලේ

පවතී සදාකල් ලොවේ


මා සොයා ආ නිසා වාසනා

ප්‍රේමයේ දීපෙ දැල්වී ගියා

ජිවිතේ අන්ධකාරේ නසා


ප්‍රේම පූජාසනේ මාගෙ හර්දේ පුදා

දෑත ඔසවා ඔබේ ජීවෙ පිළිගන්නෙ මා ..//

ඉවසා ප්‍රමාදේ විඳලා ප්‍රමෝදේ

පැතූ ඒ පෙමේ හා වුණා


මා සොයා ආ නිසා වාසනා

ප්‍රේමයේ දීපෙ දැල්වී ගියා

ජිවිතේ අන්ධකාරේ නසා


ගායනය - ඉන්ද්‍රාණි විජේබණ්ඩාර

පද - චිත්‍රානන්ද අබේසේකර

තනුව - චිත්‍රගුප්ත්

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.


1958 දී භාරතයේ තිරගතවූ Taxi Stand හින්දි චිත්‍රපටියට ආශා බෝස්ලේ ගායනා කළ Yeh Hawa Yeh Fiza Yeh Sama යන ගීයෙන් නුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

ये हवा ये फ़िज़ा ये शमा ये हवा ये फ़िज़ा ये शमा

खोजे ऐसे मेरे दिल को कहा ले चलो हमको चाहे जहाँ

ये हवा ये फ़िज़ा ये शमा खोजे ऐसा मेरे दिल को कहा

ले चलो हमको चाहे जहां


जगमगती दहकति हुई चाह में

दो मुसाफिर कुछ ऐसे मिले राह में

आंख मिली टकरा गए दिल धड़कन ने खोली जुबा

ये हवा ये फ़िज़ा ये शमा खोजे ऐसा मेरे दिल को कहा

ले चलो हमको चाहे जहां


प्यार की मौज पर बदलो की कली

डर लेकर कहीं दिल की नैया चली

तूफा को भूली लहरो में झूली ख्वाबो की ये कश्तिया

ये हवा ये फ़िज़ा ये शमा खोजे ऐसे मेरे दिल को कहा

ले चलो हमको चाहे जहां


दो दिलो ने जो ली साथ अंगदयी

दुर बजने लगी जैसे सहनइया

रास्ते में खोकर देखा जो ऊपर

झुकने लगा आसमान ये हवा ये फ़िज़ा ये शमा

खोजे ऐसे मेरे दिल को कहा ले चलो हमको चाहे जहाँa


ye hawa ye fiza ye shama ye hawa ye fiza ye shama

khoje aise me dil ko kaha le chalo hamko chahe jaha

ye hawa ye fiza ye shama khoje aisa me dil ko kaha

le chalo hamko chahe jaha


jagmagati dahakti hui chah me

do musafir kuch aise mile rah me

aankh mili takra gaye dil dhadkan ne kholi juba

ye hawa ye fiza ye shama khoje aisa me dil ko kaha

le chalo hamko chahe jaha


pyar ki mauj par badlo ki kali

dur lekar kahi dil ki nayya chali

tufa ko bhuli lahro me jhuli khwabo ki ye kashtiya

ye hawa ye fiza ye shama khoje aise me dil ko kaha

le chalo hamko chahe jaha


do dilo ne jo li sath angdayi

dur bajne lagi jaise sahnayiya

rashte me khokar dekha jo upar

jhukne laga aasman ye hawa ye fiza ye shama

khoje aise me dil ko kaha le chalo hamko chahe jaha


Song -- Yeh Hawa Yeh Fiza Yeh Sama

Singer - Asha Bhosle

Lyricist - Majrooh Sultanpuri

Music - Chitragupt (Chitragupta Shrivastava)

Movie - Taxi Stand (1958)


ගියා හර්දේ පලා

දුක් ගිනි ගොඩක මැදි වී ආදරය සෙනේ

බැඳගත් පෙම් තොරණ් අද සුණු විසුණු වුණේ

ඉරනම නිසාවද නැතුවද කුළුණු ගුණේ

අයියෝ එපා වුණෙ ඇයි ඔබෙ සොඳුරි පණේ


ගියා හර්දේ පලා

ගින්න මවලා තියා

කර්මෙ දෝ සෝක සයුරේ

ගිලීලා මෙදා


පෑව ප්‍රේමේට පිටු පාලා දුටු දා බැඳී 


පෑව ප්‍රේමේට පිටු පාලා දුටු දා බැඳී 

ඇයි ද දුක් දී ගියේ ආලෙ සම්පත් නොදී

ප්‍රේමෙ මිල දීල ගන්න ලබා දෙන්න බෑ

කර්මෙ දෝ සෝක සයුරේ

ගිලීලා මෙදා


ආ.. ආ.. ආ.. අඅඅ

ආ.. ආ.. ආ.. අඅඅ

ආ.. ආ.. ආ.. අඅ ආ ආ ආ


රාජ කුමරුන් පවා රාජ ඉසුරෙන් පිරී


රාජ කුමරුන් පවා රාජ ඉසුරෙන් පිරී

ප්‍රේමයෙන් දුප්පතා හා පරාදයි ලොවේ

බැන්දෙ නෑ ප්‍රේමයක්

මේ වගේ මා සුදා

කර්මෙ දෝ සෝක සයුරේ

ගිලීලා මෙදා


ප්‍රේමෙ මා ජීවිතේ අන්ධකාරේ නැසූ


ප්‍රේමෙ මා ජීවිතේ අන්ධකාරේ නැසූ

යාවි හද දයි කඩා

පෙම් පහන් මා තැණූ

දෙන්න පිහිටක් ලබා

දෙයියනේ දුක් බලා

කර්මෙ දෝ සෝක සයුරේ

ගිලීලා මෙදා


ගියා හර්දේ පලා

ගින්න මවලා තියා

කර්මෙ දෝ සෝක සයුරේ

ගිලීලා මෙදා


කර්මෙ දෝ සෝක සයුරේ

ගිලීලා මෙදා...////


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - චිත්‍රානන්ද අබේසේකර

තනුව - හින්දි හෝ දමිළ ගී තනුවකි.

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.




ගීය "ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවේ මෙලෙසින් ස්ථාපිතයි.

අයියෝ සංවේගේ දරා

අයියෝ සංවේගේ දරා


බුදු පියේ ඉවසම් ද මා


අයියෝ සංවේගේ දරා


සෑසි පියේ මෙහෙම දුකක් නෑනේ

සෑසි පියේ මෙයද මගේ කර්මෙ බලේ

හර්දේ පැලේ

අයියෝ සංවේගේ දරා

අයියෝ සංවේගේ දරා


දන්න කෙනෙක් නැද්ද අනේ

මොකද කියා අපට වුණේ

පිහිට යදිමි සමිඳ ඔබේ මා

අයියෝ සංවේගේ දරා


රැක ගන්නට පුංචි පුතා

වැළපෙමි ඔබෙ පිහිට පතා


රැක ගන්නට පුංචි පුතා

වැළපෙමි ඔබෙ පිහිට පතා


සුව කරන්න පෙම්බර සැමියා

අයියෝ සංවේගේ දරා

බුදු පියේ ඉවසම් ද මා

අයියෝ සංවේගේ දරා


මේ බියකරු දිවි කත⁣රේ (ඒ.. ඒ....

දියුණට මොළකැටි පුතුගේ


මේ බියකරු දිවි කත⁣රේ

දියුණට මොළකැටි පුතුගේ

ආලෝකය දෙන්න බුදු පියේ

අයියෝ සංවේගේ දරා


අයියෝ සංවේගේ දරා

බුදු පියේ ඉවසම් ද මා

අයියෝ සංවේගේ දරා


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - චිත්‍රානන්ද අබේසේකර

තනුව - හින්දි හෝ දමිළ ගීයකිනි.

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.




ගීය "ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවේ මෙලෙසින් ස්ථාපිතයි.


දොයියාගන් මා කිරි කැටියා

දොයියාගන් මා කිරි කැටියා

දෙයියන් සරණින් පුත දොයියා ...//


සුන්දර මේ රාත්‍රී යාමේ

සැනසිල්ලේ නිදයන් සාමේ

සැනසෙනු මා තුරුලේ මිහිරේ

සැප සෑදේ සුව සේ ජීවේ 

මගෙ දෑතට වී රන් කැටියා

සුර සිහින ලොවේ දොයි දොයියා


ම්ම් ම්.. ම්ම් ම්... ම්.....

ම්ම් ම්.. ම්ම් ම්... ම්.....


ලෝකෙ අපරාධ බොහොමයි අනේ

සාමකාමී බවක් නෑ ලොවේ

ඒව නවතා දමා

එයි පියා රෑ වෙලා

සැපට නිදියන්න තුරුලේ පුතා


දොයියාගන් මා කිරි කැටියා

දෙයියන් සරණින් පුත දොයියා


අඳුර දුරුවේ හිරු පායලා

සතුට මතුවේවි සෝකේ නසා

අපරාධෙන් මුදා 

එයි පියා බොහො දෙනා

වාසනාවේ තොරණ් සාදලා


දොයියාගන් මා කිරි කැටියා

දෙයියන් සරණින් පුත දොයියා


ගායනය - ඉන්ද්‍රාණි වජේබණ්ඩාර

පද - චිත්‍රානන්ද අබේසේකර

තනුව - වසන්ත් දේසායි

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.


1957 දී තිරගතවූ "Do Aankhen Bara Haath" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Main Gaun, Tu Chup Ho Ja" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය

मई गौ तू चुप हो जा

मई जगु रे तू सो जा

मई गौ तू चुप हो जा

मई जगु रे तू सो जा


धरती की काया सोयी

अम्बर की माया सोयी

झील मिल तारो के निचे

सपनो की छाया सोयी

मई धुन्धु रे तू खो जा

मई जगु रे तू सो जा


जाने हवाई कहा खोयी

सागर की भी लहरे सोई

दुनिया का सब दुखडा भर के

तेरी दो अंखिया रे क्यूँ रोई

आँसू के शबनम ढो जा

मई जगु रे तू सो जा


आंसू तेरे मुझको दे दे

बदले में मेरी हंसी ले ले

तेरा तोह मन्न सुख से

खेले मेरा ह्रदय तेरा दुःख झेले

नए बीज ख़ुशी के बो जा

मई जगु रे तू सो जा


Mai gau too chup ho ja

Mai jagu re too so ja

Mai gau too chup ho ja

Mai jagu re too so ja


Dharati ki kaya soyi

Ambar ki maya soyi

Jhil mil taro ke niche

Sapno ki chhaya soyi

Mai dhundhu re too kho ja

Mai jagu re too so ja


Jane hawayi kaha khoyi

Sagar ki bhi lahare soyi

Duniya ka sab dukhda bhar ke

Teri do ankhiya re kyun royi

Aansu ke shabanam dho ja

Mai jagu re too so ja


Aansu tere mujhko de de

Badale me meri hansi le le

Tera toh mann sukh se

Khele mera hriday tera dukh jhele

Naye bij khushi ke bo ja

Mai jagu re too so ja


Singer - Lata Mangeshkar

Lyricists - Bharat Vyas

Music Composer - Vasant Desai

Movie - Do Ankhen Barah Haath (1957)