Friday, April 3, 2015

සීත අරණේ

සීත අරණේ සුපුල් නා මල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනෙයි උණුසුම ආදරේ

ලතාවක් සේ වෙලී සියොළඟ
පතමි රැකවරණය ඔබෙන් ...//
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින් ..

වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි ...//
මහා කතරෙක ගෙවූ තනි මඟ
නිමා කළ ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි ..

සීත අරණේ සුපුල් නා මල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනෙයි උණුසුම ආදරේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි සහ මාලිනී බුලත්සිංහල
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
ආරාධනා චිත්‍රපටියට නිර්මානයවූ ගීයකි.
Anyone who has the link can play this song in your "Smart Phone"

No comments: