Friday, April 3, 2015

සිත ඔබ පා මුල රඳවා

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා ...//
සිත ඔබ පා මුල රඳවා

අසුරු සැණක් වු රුසිරු අතීතය
සිහිණෙන් ගෑ මුදු සුවඳක් සේ ..//
සදා රැඳේවා
ඔබේ ලොවේ

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා
සිත ඔබ පා මුල රඳවා

ඔබට පිදුම් වූ සිතක විරාගය
කැටපත් පවුරක ගීයක් සේ ...//
සදා රැඳේවා
ඔබේ හදේ

සිත ඔබ පා මුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝ තැවුල් නොම වේවා
සිත ඔබ පා මුල රඳවා

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: