Tuesday, January 3, 2017

බත් කනවා නෙවෙයි

බත් කනවා නෙවෙයි අපි අත් ලෙවකනවා
බත් ඇට ගානට ම ගල් කැට ඇහිඳිනවා
හොද්දේ මාළු අල්ලන්නට පොරකනවා
සුදුමැලි මාළු පොල්කුඩු යට හැංගෙනවා
සුදුමැලි මාළු පොල්කුඩු යට හැංගෙනවා

රෑ තිස් පැයේ මකුණෝ පෙරහැර යනවා
මදුරු රෑන සංගීතය සපයනවා
රට අඹ ලෑලි ඇඳ උඩ හොඳ කල යනවා
නිදියනවා නෙවෙයි අපි ලේ දන් දෙනවා

පඩි පත ලැබුණු දවසට අපි රජුන් වගෙයි
බෝඩිං මාස්ටර දෙවියන් බුදුන් වගෙයි
පඩි පත හිඳෙන කොට අපි ගැරඬියන් වගෙයි
බෝඩිං මාස්ටර වෙසමුනි රජුන් වගෙයි
බෝඩිං මාස්ටර වෙසමුනි රජුන් වගෙයි

යන එන මං නැතිව අගු පිල්වල ලගිමූ
සොච්චං වැටුප බෝඩිම තුළ දිය කරමූ
රජුන් ඇමතියන් හට බැණ අඬගසමූ
උන්ගේ මව්වරුන් නිති සිහිපත් කරමූ

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - විශාරද ගුණදාස කපුගේ


No comments: