Wednesday, January 11, 2017

අක්කෙ අක්කෙ අර බලන්නකෝ

අක්කෙ අක්කෙ අර බලන්නකෝ
වැස්සක් නොවැ එන්නේ ...//

හෝ හෝ හෝ ගා ගෙන එන්නේ
ගස් ගල් පෙරළෙන්නේ ..//

සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ

අක්කේ වී පැදුරත් මිදුලේ
අකුලා ගෙට ගන්නේ ..//
අම්මත් අර නා ගෙන එන්නේ //
මල්ලි තවම කුඹුරේ //

සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ

නංගි සුදෝ මගෙ හඬන්ටෙපා
අම්ම හනික දැන් එයි ...//
බිල්ලො නොවෙයි ඔය ගොරවන්නේ //
අහසේ හෙණ නාදේ //

සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ

අක්කේ දර ටික ගෙට ගනිමූ
වැහි පොද වැටෙනවනේ ...//
වතුරත් ඉවරයි කළ ගෙඩියේ //
හනික ළිඳට යමුකෝ //

සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ
අක්කෙ අක්කෙ අර බලන්නකෝ
වැස්සක් නොවැ එන්නේ

ගායනය - සූරිය ශන්කර් මොල්ලිගොඩ සහ වී.පී. ලීලාවතී
පද හා තනුව - ආනන්ද සමරකෝන්

3 comments:

Anonymous said...

නාවල අන්නාසි ගීතය දාන්න

Gee Arana ගී අරණ said...

"නාවල අන්නාසි" ගීය අ⁣ඩවියේ තිබේ. ගී අරණ අඩවියේ ඇති ගී ඔබ වෙත ගෙන එන්නේ, මහත් කැපවීමක් ඇතිවයි. පෞද්ගලිකව හැම ගීයක්ම ශ්‍රවනය කිරීම හා පලකිරීමට පෙරාතුව තොරතුරු වල නිවැරදිතාව අධීක්ෂණය කිරීම කරන්නේ, අඩවිය විසින්ම පණවා ගත් ස්වයං නීති පද්ධතියක පිහිටාය. එසේ කරද්දී, ඔබ කවුද යන්න සඳහන් නොවේ නම්, ඔබට ප්‍රතිචාර දැක්වීම කරන්නේ කුමකටද? කිසිම වාණිජමය බලාපොරොත්තුවක් නැතිව ඔබට මේ සියල්ල ගෙන ආවත්, Unknown ලෙස කරන විමසීම් වලට මින් මතුයෙහි ප්‍රතිචාර නොදක්වමි. සමාවන්න.

නම සඳහන් නොවන, අයගේ විමසීම් සඳහා ප්‍රතිචාර දැක්වීම නොකරන්නෙමි.