Thursday, May 16, 2019

සිදුවූ දේ අහො

සිදුවූ දේ අහො
අපරාදේ
පිළිරුව මගෙ බිඳීලා ගියා ...//

රූපෙ ඒ නැතිවී ගියා
පිළිරුව මගෙ බිඳීලා ගියා
සිදුවූ දේ අහො
අපරාදේ
පිළිරුව මගෙ බිඳීලා ගියා

බැලු බැලු තැන බිම පොඩි පොඩි කෑලී
කුඩු කුඩු වී හැළි පෑගෙයි දූලී ...//

සෝබමානව දිස්නෙ පෑවා
රූපෙ ඒ නැතිවී ගියා
පිළිරුව මගෙ බිඳීලා ගියා
සිදුවූ දේ අහො
අපරාදේ
පිළිරුව මගෙ බිඳීලා ගියා

සුන්දර මනහර සැම දේ ලෝකේ
සුන්වේද මේ වගේ ගෙනදී සෝකේ ....//

ආදරේ මැද මුල සංවේගේ
මා දුකින් බර වී ගියා
පිළිරුව මගෙ බිඳීලා ගියා
සිදුවූ දේ අහො
අපරාදේ
පිළිරුව මගෙ බිඳීලා ගියා //

ගායනය - ලතා වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් උපුටා ගැනීමකි.
සංගීතය - ආර්. මුත්තුසාමි
1960 දී තිරගතවූ "පිරිමියෙක් නිසා" චිත්‍රපටියේ ගීයකි.

No comments: