Thursday, May 16, 2019

සිනාසේවි චන්ද්‍රා නසා අන්ධකාරේ

සිනාසේවි චන්ද්‍රා නසා අන්ධකාරේ
නිදාගන්නකෝ මාගෙ සීදේවි රාජා
ම සීදේවි රාජා ....//

ඔබේ පුංචි මුහුණේ සඳේ රශ්මි ධාරා
ගලා යයි මෙ රාත්රියේ ආලෝකෙ දීලා
නිදාගන්නකෝ මාගෙ සීදේවි රාජා

සිනාසේවි චන්ද්‍රා නසා අන්ධකාරේ
නිදාගන්නකෝ මාගෙ සීදේවි රාජා
ම සීදේවි රාජා

සෙල්ලම් බඩු හා මැණික් රන් ගෙනල්ලා
පුතාගේ පියාණන් සිඹී මූණ නළවා ...//

දෙවියන්ගෙ පිහිටෙන් පියා ඒවි විගසින්
පුතේ රෑ වුණානේ නිදාගන්න සුවසේ
නිදාගන්නකෝ මාගෙ සීදේවි රාජා

සිනාසේවි චන්ද්‍රා නසා අන්ධකාරේ
නිදාගන්නකෝ මාගෙ සීදේවි රාජා
ම සීදේවි රාජා
නිදාගන්නකෝ මාගෙ සීදේවි රාජා
ම සීදේවි රාජා

ගායනය - ලතා වල්පොල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - හින්දි හෝ ද්රවිඪ ගීයකින් උපුටා ගැනීමකි.
සංගීතය - වී. ක්‍රිෂ්ණමූර්ති
1959 දී තිරගතවූ "සිරිමලී" චිත්‍රපටියේ ගීයකි.
(හොඳ තත්වයෙන් සංරක්ණය වූ ගීයක් නොමැත.)

No comments: