Wednesday, May 15, 2019

ආකාසෙ ආවා සෙ

ආකාසෙ ආවා සෙ සූර්යා නැගී
අපේ ජීවිතේ යයි සැපේහී රැඳී
සදාකල් විනෝදෙන්ම ආලෙන් වෙළී
සිනාසෙන්නකෝ වාසනාවෙන් බැඳී

ලෝකේහි මා පෙම්වතාගේ වගේ
අනේ නෑ දයාවක් ලැබූවේ පියේ
දුකේදී සැපේදී එකාකාරයෙන්
සෙනේ පාමි මා ආලෙ වෙන්වී නොයේ 

ආ ආ....
ආ ආ....
ආ ආ....
ආ ආ....
ආආ... අආ.....

ළංවෙන්න සනසන්න පෙම් ගී කියා
නැළවෙන්න තුරුලේ මගේ සුදා
මධුරයි විනෝදයි අපේ ජීවිතේ
මධුරයි විනෝදයි අපේ ජීවිතේ
අපේ ජීවිතේ

ආ ආ....
ආ ආ....
ආ ආ....
ආ ආ....
ආආ... අආ.....

විශ්වාසයේ හර්ද පූජාසනේ
ඔබගේ නමින් ප්රේමෙ මල් වැල් පිපේ
මධුරයි විනෝදයි අපේ ජීවිතේ
මධුරයි විනෝදයි අපේ ජීවිතේ
අපේ ජීවිතේ

ආකාසෙ ආවා සෙ සූර්යා නැගී
අපේ ජීවිතේ යයි සැපේහී රැඳී
සදාකල් විනෝදෙන්ම ආලෙන් වෙළී
සිනාසෙන්නකෝ වාසනාවෙන් බැඳී

ලෝකේහි මා පෙම්වතාගේ වගේ
අනේ නෑ දයාවක් ලැබූවේ පියේ
දුකේදී සැපේදී එකාකාරයෙන්
සෙනේ පාමි මා ආලෙ වෙන්වී නොයේ 

ආකාසෙ ආවා සෙ සූර්යා නැගී
අපේ ජීවිතේ යයි සැපේහී රැඳී
සදාකල් විනෝදෙන්ම ආලෙන් වෙළී
සිනාසෙන්නකෝ වාසනාවෙන් බැඳී

ගායනය - ලතා වල්පොල මග ධර්මදාස වල්පොල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් උපුටා ගැනීමකි.
සංගීතය - වී. ක්‍රිෂ්ණමූර්ති
1959 දී තිරගතවූ "සිරිමලී" චිත්‍රපටියේ ගීයකි.

No comments: