Sunday, July 19, 2020

ලතවෙන්නේ මොකද අනේ

ලතවෙන්නේ මොකද අනේ
ඕවා ලොකු වැඩ ද පණේ ....//

පාඩු වෙන්නේ
ලාභ වෙන්නේ
අපටමයි මිතුරේ
හොහො හොහො හොහො හොහො හෝ.....

පාඩු වෙන්නේ
ලාභ වෙන්නේ
අපටමයි මිතුරේ
හො හොහො හොහො

ලෝකෙ ආවත් පෙරළීලා
කාලා බීලා හිනැහිලා ....//

ඉන්න ටික කාලේ (හහ් හහ් හහ් හහ් හහ් හා..)
ඉඳිමු ඔය තාලේ (හහ් හහ් හහ් හහ් හහ් හා..) .....//

බලන්න මල් දෙකක් වැලේ පිපී තිබෙයි (හෝ..)
එයින් එකක් හෙමින් මගේ දිහා නැමෙයි (හොහෝහො හෝ..) ....//

හොරෙන්ම දෙන්නා
ළඟින්ම ඉන්නා
පුහුල් හොරා මෙසේ සිටිත් කරෙන් දැනේ ..//

අනංගයාගෙන්
වරම් ලැබීමෙන්
සැපෙන් විනෝදෙන්
සුවෙන් වෙසේවා

අනංගයාගෙන්
වරම් ලැබීමෙන්
සැපෙන් විනෝදෙන්
සුවෙන් වෙසේ

බලන්න මල් දෙකක් වැලේ පිපී තිබෙයි (හෝ..)
එයින් එකක් හෙමින් මගේ දිහා නැමෙයි (හොහෝහො හෝ..)

හොරෙන්ම දෙන්නා
ළඟින්ම ඉන්නා
පුහුල් හොරා මෙසේ සිටිත් කරෙන් දැනේ ..//

ගායනය - ඉන්ද්‍රානි විජේබණ්ඩාර (සේනාරත්න) සමග එච්.ආර්. ජෝතිපාල සහ පිරිස
පිරිස කාන්තාපිරිස පුරුෂ
පද - කරුණාරත්න අබේසේකර
තනුව - බී.එස්. පෙරේරා
1962 දී තිරගතවූ "සංසාරේ" චිත්‍රපටියේ ගීයකි.



Song - Lathawenne Mokada
Singers - H.R. Jothipala & Indrani Wijebandara (Indrani Senarathna)
Lyricist - Karunarathna Abesekara
Composer - B.S. Perera
Movie - Sansare 1962

No comments: