Friday, July 3, 2020

උණ බට හෙවණේ

උණ බට හෙවණේ
උණුහුම් වී අප
පේරාදෙණි උයනේ
සරසවි කාලේ
ගෙවූ අතීතය
තව මැකිලා නැහැනේ

රාධා ක්‍රිෂ්ණා විලසින් ඔබ අප
ඒ කාලය ගෙව්වේ
සරතුයි නේරංජනා ලෙසින්මයි
අනාගතය පැතුවේ

සද්දෙන් සිනා සලා
ඉඳහිට කඳුළු හෙළා

උණ බට හෙවණේ
උණුහුම් වී අප
පේරාදෙණි උයනේ
සරසවි කාලේ
ගෙවූ අතීතය
තව මැකිලා නැහැනේ

අද ඔබ බිරිඳක් සමගින් යද්දී
ම දෙස බැලූ විලසේ
මතකයි යටැසින් මමත් බැලූ හැටි
මගෙ හිමියට රහසේ

අද හිනැහෙන්නට බෑ
කඳුළු හෙළන්නත් බෑ

උණ බට හෙවණේ
උණුහුම් වී අප
පේරාදෙණි උයනේ
සරසවි කාලේ
ගෙවූ අතීතය
තව මැකිලා නැහැනේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - සුපර් ගෝල්ඩන් චයිම්ස්


Song - Una Bata Hewane
Singer - Anjalin Gunathilaka
Lyricist - Premakeerthi de Alwis
Composer - Clarence Wijewardana
Music - Super Golden Chimes

No comments: