නිමල් සෑසි තිලෝනා //
අති සුන්දර මෝක්ෂේ ශ්‍රී සම්පත්තී
ලැබී මෙ සත්‍යා මාර්ග සදා දී
සුර බඹ ආදී මස්තපයේ සැදු මුනි සිරි පා පද්මේ //
ත්‍රෙෙලෝනා මුනි සාඛ්‍ය රාජා
පුදා වඳිම් මුනි සාඛ්‍ය රාජා
පුදා වඳිම් මුනිඳා
මෙෙත්‍රී කරුණා මුදිතූපේක්ෂාදී
සෑදීලා තුන් ලෝ සත වෙතෙහී
සුවාසු දහසක් ධර්ම ස්කන්ධා
ශ්‍රී මුවෙනී දෙසුවේ
රම්‍යා, සුවාසු දහසක් ධර්ම ස්කන්ධා
ශ්‍රී මුවෙනී දෙසුවේ
ත්‍රෙෙලෝනා මුනි සාඛ්‍ය රාජා
පුදා වඳිම් මුනි සාඛ්‍ය රාජා
පුදා වඳිම් මුනිඳා
දැන සව් නේක් මණ්ඩල ගම්භීරා
සම්බුදු ස්වාමී
සම්බුදු ස්වාමී
සම්මා සම්බුදු ස්වාමි මගේ
මිත්‍යාවාදින් පැහැදෙවු ශ්‍රීයේ සුනිමල ධර්ම දෙසා
මිත්‍යාවාදින් පැහැදෙවු ශ්‍රීයේ සුනිමල ධර්ම දෙසා
ත්‍රෙෙලෝනා මුනි සාඛ්‍ය රාජා
පුදා වඳිම් මුනි සාඛ්‍ය රාජා
පුදා වඳිම් මුනිඳා
ඝෝරාපායෙන් ගැලවීමට දෙසු රම්‍යා
සෑසිගෙ ශ්‍රී සද්ධර්මේ පැහැදී
සසරින් මිදිලා පතා සුරම්‍යා අමා නිවන් සැපතා
සසරින් මිදිලා පතා සුරම්‍යා අමා නිවන් සැපතා
ත්‍රෙෙලෝනා මුනි සාඛ්‍ය රාජා
පුදා වඳිම් මුනි සාඛ්‍ය රාජා
පුදා වඳිම් මුනිඳා
සිරි පාද කමල් වඳිමු නිමල් සෑසි තිලෝනා //
ගායනය - රුක්මණී දේවි සමග එච්.ඩබ්. රූපසිංහ
පද - ඩබ්.ඩී.එම්. ඇල්බට්
සංගීතය - එච්.ඩබ්. රූපසිංහ
1939 වසරේදී කමල් දාස්ගුප්ත සමගින් ජුතිකා රෝයි ගායනා කරනු ලැබූ "Dhanwan Ho Tum" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
No comments:
Post a Comment