සිංහල සිනමා වංශකථාවේ 27 වැනි ඇසි-දිසි (කතානාද) චිත්‍රපටියයි "අසෝකා".
1955 මාර්තු 04 වැනිදා ප්‍රදර්ශනයට නිකුත් කළ "අසෝකා" චිත්‍රපටිය, "ශීෂා" නමැති හින්දි චිත්‍රපටිය ඇසුරෙන් නිෂ්පාදනය කරනු ලැබුවේ "අසෝකා" චිත්‍රපටි සමාගම වෙනුවෙන් ධර්මදාස කුලතුංග. එය සිරිසේන විමලවීරයන්ගේ අධ්‍යක්ෂණයක්.
මේ පලකිරීමේ අග ඇති වීඩියෝවේ නිෂ්පාදනයට අදාල සියළු විස්තර ඇතුළත්.
අපි යොමුවෙමු චිත්‍රපටියේ ඇතුළත්වූ ගීත වෙත.
පහත ඉදිරිපත් කර ඇති ගීත සම්බන්ධයෙන් මෙහි අතුරා ඇත්තේ සංක්ෂිප්ත ඉදිරිපත් කිරීමක් පමණි.
එක එකක් ගීයේ කේවල පලකිරීම ට යොමුවීමෙන් වැඩිමනත් තොරතුරු දැන ගත හැක.
ඒ සඳහා ගීයේ "නාමය" (Title) මත ක්ලික් කරන්න.
1. කතරගමේ දෙවිගෙ බිමේ
ගායනය - සත්‍යවතී සමග ධර්මදාස වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ගුලාම් මොහොමඩ්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
මේ ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ 1953 වසරේ භාරතයේ තිරගතවූ "Gauhar" හින්දි චිත්‍රපටියට, ශම්ෂාඩ් බෙගම් ගායනා කළ, "Chhama Chhamaa Chhama Thumak Thumak" ගීයෙන්.
තනුව උපුටා ගත් හින්දි ගීතය
Song - chham chhama chham thumak thumak
Singer - Shamshad Begam
Lyricist - Shakeel Badayuni
Composer - Ghulam Mohammad
Movie - Gauhar (1953)
2. සටනෙකී ජීවිතේහී දැන්
ගායනය - ධර්මදාස වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ගුලාම් මොහොමඩ්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1953 දී භාරතයේ තිරගතවූ "Dil-E-Nadan" චිත්‍රපටියට තලාත් මෙහෙමූද් ගායනා කළ "Zindagi dene vale sun" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීතය
Song - Zindagi dene vale sun
Singer - Talat Mahmood
Lyricist - Shakeel Badayuni
Composer - Ghulam Mohammad
Movie - Dil-E-Nadan (1953)
ඉහත ගී තනුවටම නිර්මානයවූ තවත් සිංහල ගී දෙකක් හමුවෙනවා.
* 1955 දී තිරගතවූ "මතභේදය" චිත්‍රපටියට මොහිදීන් බෙග් ගායනා කළ "ගින්නකී හද මාගේ පෙම්" ගීය
* මොරිස් දහනායක විසින් ගායනා කරන්නට යෙදුණු "නින්දෙදී පේන සිහිනේ මෙන්" යන ගීය
ගින්නකී හද මාගේ පෙම්
ගායනය - මොහිදීන් බෙග්
පද - ඒ.ජේ. ද සොයිසා
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන
චිත්‍රපටිය - මතභේදය (1955)
නින්දෙදී පේන සිහිනේ මෙන්
ගායනය - මොරිස් දහනායක
පද රචනය - අඥාතයි
ගායනය - මොහිදීන් බෙග්
පද - කරුණාරත්න අබේසේකර
තනුව - හන්ස්රාජ් බේල්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1954 දී තිරගතවූ "දෝස්ත්" හින්දි චිත්‍රපටියට තලාත් මෙහෙමූද් ගායනා කළ, "Aaye bhi akela" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීය
Song - Aaye bhi akela
Singer - Talat Mahmood
Lyricist - Verma Malik
Composer - Hansraj Behl
Movie - Dost (1954)
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ගුලාම් මොහොමඩ්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1953 වසරේදී භාරතයේ තිරගතවූ "Rail Ka Dibba" හින්දි චිත්‍රපටියට, ආශා බෝස්ලේ ගායනා කළ, "Bhagawan Teri Duniya Mein" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීය
Song - Bhagawan Teri Duniya Mein
Singer - Asha Bhosle
Lyricist -: Shakeel Badayuni
Composer - Ghulam Mohammad
Movie -: Rail Ka Dibba (1953)
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල
පද - පියසේන කොස්තා
තනුව - සී. රාමචන්ද්‍ර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1953 වසරේ භාරතයේ තිරගතවූ "Jhamela" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Dekho Ji Dekho" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීය
Song - Dekho ji dekho
Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - C. Ramchandra
Movie - Jhamela (1953)
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - කතෘත්වය තහවුරු කර ගත නොහේ.
තනුව - සී. රාමචන්ද්‍ර
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1953 දී භාරතයේ තිරගතවූ "Shagufa" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Ye Hawa Ye Samaa Chandni Hai Jawaan" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීය
Song - Ye Hawa Ye Samaa Chandni Hai Jawaan
Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Compocer - C. Ramchandra
Movie - Shagufa (1953)
ගායනය - චිත්‍රා සෝසපාල සමග ධර්මදාස වල්පොල
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - විනෝද්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
1953 දී තිරගතවූ "Ek Do Teen" චිත්‍රපටියට Sandhya Mukhopadhyay ගායනා කළ, "Aaja Re Balam" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
"පෙම් සුවඳයි" ගීයේ සිනමා රූප රාමු
හින්දි ගීතය
Song - Aaja Re Balam
Singer - Sandhya Mukhopadhyay
Lyricist - Aziz Kashmiri
Composer - Vinod (Eric Roberts)
Movie - Ek Do Teen (1953)
1954 දී තිරගතවූ දමිළ චිත්‍රපටියක් වන "Illara Jothi" හී ඉහත තනුවටම ගැයෙන ගීයක් අඩංගු වුණා.
මෙන්න එම ගීය - Siruvizhi Kurunagai
Singer - P. Leela
Lyricist - Kannadasan
Music : G. Ramanathan
Movie : Illara Jothi (1954)
Starring : Sivaji Ganesan, Padmini, Srijani
8. මේක තමයි දෙවියන්ගේගායනය - මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල සහ ආනන්ද සමරකෝන්
මේ ගීයේ පද රචනය කාගේ දැයි නිශ්චය වශයෙන් කිව නොහැකි මුත්, හර්බට් එම්. සෙනෙවිරත්නගේ යැයි විශ්වාස කළ හැකි සාධක තිබේ.
සංගීත අධ්‍යක්ෂණය - පී.එල්.ඒ. සෝමපාල
(ගීයේ තනුව උපුටා ගත් මුල් ගීය පිළිබඳ තොතුරු ගවේෂණය සිදුවෙමින් පවතී)
මෙම ගීය 1955 දී තිරගත වූ "අසෝකා" චිත්‍රපටිය සඳහා ගැයුවේ ඒ.ජේ. කරීම්, හරූන් ලන්ත්‍රා ඇතුළු පිරිසක්ය.
කොළොම්බියා තැටි වෙනුවෙන් ගයන ලද්දේ මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල සහ ආනන්ද සමරකෝන් විසිනි.
පහත ඇත්තේ තැටි ගත ගීයයි.
හඬ මුසුව - මොහිදීන් බෙග් ධර්මදාස වල්පොල ආනන්ද සමරකෝන් පිරිස
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග මොහිදීන් බෙග්
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී. රාමචන්ද්‍ර
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල
1955 දී තිරගතවූ "අසෝකා" චිත්‍රපටියේ ගීයකි.
1953 දී භාරතයේ තිරගතවූ "Anarkali" චිත්‍රපටියට, හේමන්ත් කුමාර් සමග ලතා මංගෙස්කාර් ගායනා කළ, "Jaag dard e ishq jaag jaag" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් "Jaag dard e ishq jaag jaag" ගීය
Song - Jaag Dard-e-Ishq Jaaq
Singers - Hemanta Kumar & Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - C. Ramchandra
Movie - Anark (1953)
මේ තනුවටම නිර්මානය වූ තවත් ගීයක් 1955 දී තිරගතවූ "සැඩ සුළං" චිත්‍රපටියට ඇතුළත් වුණා.
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග මොහිදීන් බෙග්
පද රචනය - කතෘත්වය අවිනිශ්චිතයි. මේ චිත්‍රපටියට කරුණාරත්න අබේසේකර, හර්බට් එම්. සෙනෙවිරත්න හා පියසේන කොස්තා යන තිදෙනා ගීත ප්‍රබන්ධ කර ඇතිමුත්, මෙම ගීය රචනා කළේ කවරෙකුදැයි තහවුරු කර ගත හැකි සාක්ෂ්‍ය හමු නොවේ.
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
තනුව - ශන්කර් ජායිකිෂන්
1953 දී භාරතයේ තිරගතවූ "Aah" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මුකේෂ් ගැයූ "Jaane na nazar pehachaane jigar" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීතය
Song - Jaane na nazar pehachaane jigar
Singers - Lata Mangeshkar & Mukesh (Mukesh Chand Mathur)
Lyricist - Hasrat Jaipuri
Composer - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie - Aah (1953)
"Aah" හින්දි චිත්‍රපටිය ද්‍රවිඪ බසින් හඬ කවා "Avan" නමින් ද, තෙළුගු බසින් දෙබස් කවා "Prema Lekkalu" නමින් ද, 1953 වසරේදීම නිකුත්විය.
එකී වැඩිමනත් වූ ගීත හා තොරතුරු, "ගී අරණ අඩවියේ" ස්ථාපිත "පෙම් පහන නිවී" ගීයේ කේවල පලකිරීමෙහි ඇතුළත්ය.
ගායනය - මොහිදීන් බෙග් සමග ධර්මදාස වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ගුලාම් මොහොමඩ්
1955 දී තිරගතවූ "අසෝකා" චිත්‍රපටියේ ගීයකි.
මෙම ගීය චිත්‍රපටිය සඳහා ගායනා කළේ ඒ.ජේ. කරීම් සමග එඩී යාපා විසිනි. මෙහි ඉදිරිපත් කර ඇත්තේ පසුව නිකුත් කළ වෙළඳ තැටි සඳහා ගැයුණු ගීතයයි. ඒ වෙළඳ තැටි මදුරාසියේ තැටි ගත කළ අතර ගායන ශිල්පීන් චිත්‍රපටියේදී වූ සැටියෙන් නොවේ.
1953 දී භාරතයේ තිරගතවූ "Rail Ka Dibba" චිත්‍රපටියට, ශම්ෂාඩ් බෙගම් සමග මොහොමඩ් රාෆි ගායනා කළ "La De Mohe Balma" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
මෙහි පහත ඇත්තේ තැටියට ගායනා වූ ගීතයයි.
තනුව උපුටා ගත් හින්දි ගීතය
Song - La De Mohe Balma Aasmani Churiyan
Singers - Shamshad Begum & Mohammed Rafi
Lyricist - Shakeel Badayuni
Composer - Ghulam Mohammed
Movie - Rail Ka Dibba 1953
ගායනය - සත්‍යවතී
පද - කතෘත්වය තහවුරු කර ගත නොහැක
තනුව - ශයිලේෂ් මුකර්ජි
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
මේ ගීය චිත්‍රපටියට ගායනා කළේ විනෝදනී නම් ගායිකාව විසිනි. මෙහි ඉදිරිපත් කර ඇත්තේ වෙළඳ තැටියට ගායනා කළ ගීයයි.
1953 දී තිරගතවූ "Suhaag Sindoor" චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ "Chali Rae Chali Rae" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීතය
Song - Chali Rae Chali Rae
Singer - Geeta Dutt
Lyricist - Suresh Tripathi
composer - Shailesh Mukherjee
Movie - Suhag Sindoor (1953)
අසෝකා චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් පහත වීඩියෝව ඉදිරිපත් කරන්නෙ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතාට කෘතවේදීත්වය පුද කරමින්.
No comments:
Post a Comment