සිංහල චිත්‍රපටි වංශකථාවේ 29 වැනි ඇසි-දිසි (කතානාද) සිනමා කෘතිය "සැඩ සුළං" වැඩිම ගී ප්‍රමාණයක් ඇතුළත්වූ චිත්‍රපටියකි. එස්. දක්ෂිණමූර්ති විසින් සංගීතය සැපයූව ද, එහි ගීත තුනක තනු හා පදමාලාව තැනුවේ ආනන්ද සමරකෝන්ය.
"ලංකා මාතා" හෙවත් "සිරි දැරු හෙළදිව පුරාතනේ" යන ගීය ගායනය සඳහා ලතා මංගෙස්කාර් ට සිංහල උච්චාරණය පුහුණු කිරීමේ ආදී කටයුතු වෙනුවෙන් හය මසක පමණ කාලයක් මිඩංගු කිරීමට ආනන්ද සමරකෝන් ට සිදුවූ බව සඳහන් වේ.
මේ චිත්‍රපටියේ ගී ප්‍රබන්ධය අහවලාගේ යැයි සඳහනක් නැතත්, කතෘත්වය තහවුරු කරගත් ගී පදමාලා වල පමණක් මේ පලකිරීමේ දී දක්වා ඇත.
මෙතැන් සිට ඉදිරිපත් කරන ගී වල "නාමය" (Title) මත ක්ලික් කිරීමෙන්, එකී ගීයේ "ගී අරණ" අඩවිය තුළ ඇති කේවල පලකිරීමට යොමු විය හැකි බව සඳහන් කරමි. මෙම පලකිරීම මගින් ගී වල පදමාලා හා වැඩිමනත් විස්තර අඩංගු කර නැත. එම විස්තර සඳහා කරුණාකර කේවල පලකිරීමට යොමු වන්න.
ගායනය - ඒ.එම්. රාජා සමග ජමුණා රාණී
පද රචනය - ආනන්ද සමරකෝන්
චිත්‍රපටිය - 1955 තිරගතවූ "සැඩ සුළං"
සංගීතය මෙහෙයවීම - එස්. දක්ෂණමූර්ති
තනුව - 1951 තිරගතවූ "හම් ලොග්" චිත්‍රපටියේ ලතා මංලෙස්කාර් ගායනා කරන "බාහේ අකියෝන් සෙ දාර්" ("Baahe ankhiyon se dhar") නම් ගීයෙනි.
2. සැදෑවත් උතුම්
ගායනය - මොහිදීන් බෙග්, ජමුනා රාණි සහ පිරිස
පද - ආනන්ද සමරකෝන්
තනුව - ශන්කර් ජායිකිෂන්
1955 දී තිරගතවූ "සැඩ සුළං" චිත්‍රපටියේ ගීයකි.
1954 දී භාරතයේ තිරගතවූ "බූට් පොලිෂ්" චිත්‍රපටියට, ආශා , මොහොමඩ් රාෆි සහ පිරිස ගැයූ "Tumhare Hain, Tumse Daya Mangte Hain" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීය
Singers - Asha Bhosle, Mohammed Rafi & Choir
Lyricist - Shailendra
Composer - Shankar Jaikishan
Movie - Boot Polish (1954)
ගායනය - ඒ.එම්. රාජා සමග ජමුනා රාණි
පද - ආනන්ද සමරකෝන්
තනුව - මොහින්දර් සිං සර්නා
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1952 දී තිරගතවූ "Shrimatiji" චිත්‍රපටියට හේමන්ත් කුමාර් සමග ගීතා දත් ගැයූ "Do naina tumhare pyare pyare" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
පද - අවිනිශ්චිතයි (ඩී.ටී. ප්‍රනාන්දු වීමට පුළුවන.)
තනුව - සී. රාමචන්ද්‍ර
චිත්‍රපටිය - සැඩ සුළං (1955)
1953 දී භාරතයේ තිරගතවූ "අනර්කලී" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ Mujhse Mat Poochh Mere Ishq Me Kya Rakha Hai යන ගීයෙන් තනුව උපුටා දක්වා ඇත.
Singer - Lata Mangeskhar
Lyricist - Rajinder Krishan
Composer - C. Ramachandra
Movie - Anarkali (1953)
ගායනය - කේ. රාණි සමග ධර්මදාස වල්පොල
පද - කතෘත්වය තහවුරු කර ගත නොහේ *
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1953 වසරේ භාරතයේ තිරගතවූ "Ek Do Teen" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමගින් මොහොමඩ් රාෆි ගැයූ, "O Ji O Ji Piya Jo Bulayen to Kahoon" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.* (මේ චිත්‍රපටියට ගී ප්‍රබන්ධ කළේ, ඩී.ටී. ප්‍රනාන්දු සහ ආනන්ද සමරකෝන් විසිනි. එහෙත් මේ ගීයේ පද රචනය කවරෙකුගේ දැයි නිසි සඳහනක් නැත. එසේ හෙයින් කතෘත්වය තහවුරු කර ගත නොහේ" යනුවෙන් දැක්වීමට සිදුවේ. මගේ පෞද්ගලික විශ්වාසය නම්, ඩී.ටී. ප්‍රනාන්දුගේ බවයි.)
7. හරි සාරයි මෙ කාලේ බලත්වා"සැඩ සුළං" චිත්‍රපටියේ ඉහත ගීයට අදාල දර්ශනහින්දි ගීතයSong - O Ji O Ji Piya Jo Bulayen to KahoonSingers - Asha Bhosle & Mohammed RafiLyricist - Aziz KashmiriComposer - Vinod (Eric Roberts)Movie - Ek Do Teen (1953)ගායනය - ධර්මදාස වල්පොල
පද - අවිනිශ්චිතයි (ආනන්ද සමරකෝන් හෝ ඩී.ටී. ප්‍රනාන්දු යන දෙදෙනා අතරින් කෙනෙක්)
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1955 දී තිරගතවූ "සැඩ සුළං" චිත්‍රපටියේ ගීයකි.
1952 දී භාරතයේ තිරගතවූ "Daag" හින්දි චිත්‍රපටියට ඇතුළත් වූ "Aye Mere Dil Kahin Aur Chal" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීය
Song - Aye Mere Dil Kahin Aur Chal
Lyricist - Shailendra
Music Director - Shankar Jaikishan
තනුව උපුටාගත් හින්දි ගීතය වන "Aye Mere Dil Kahin Aur Chal" යන ගීයේ අවස්ථා තුනක් "Daag" චිත්‍රපටියේ නිරූපනය වේ.
තලාත් මෙහ්මූද් ගයන එක් අවස්ථාවක ගීය වේගවත් එකකි.
මේ එම අවස්ථාවයි.
තලාත් මෙහ්මූද් ගයන ගීයේ අඩු වේග අවස්ථාව
ඉහත ගීයේ ලතා මංගෙස්කාර් ගායනා කරන අවස්ථාව
Song - Dekho aaya ye kaisa zamana
Singer - Lata Mangeshkar
Lyricist - Shailendra
Composer - Shankar Jaikishan
Movie - Daag (1952)
ගායනය - සරෝජා සමග මොහිදීන් බෙග්
පද - ඩී.ටී. ප්‍රනාන්දු
තනුව - සී. රාමචන්ද්‍ර
චිත්‍රපටිය - සැඩ සුළං (1955)
1953 දී භාරතයේ තිරගතවූ "Anarkali" චිත්‍රපටියට, හේමන්ත් කුමාර් සමග ලතා මංගෙස්කාර් ගායනා කළ, "Jaag dard e ishq jaag jaag" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
මේ තනුවටම ගායනා වූ තවත් සිංහල ගීයක්, 1955 දීම තිරගතවූ "අසෝකා" චිත්‍රපටියටත් ඇතුළත් වුණා. "ලෝකෙ සිහිනයක් වගේය" යන එම ගීය අඩවියේ වෙනත් තැනක ස්ථාපිතයි.
Song - Jaag Dard-e-Ishq Jaaq
Singers - Hemanta Kumar & Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - C. Ramchandra
Movie - Anark (1953)
ගායනය - ලතා මංගෙස්කාර්
ගී පද - ආනන්ද සමරකෝන්
තනුව - ආනන්ද සමරකෝන්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
ගායනය - ලතා මංගෙස්කාර් සමග මොහිදීන් බෙග්
පද - ආනන්ද සමරකෝන්
සංගීත අධ්‍යක්ෂණය - එස්. දක්ෂිණමූර්ති
ගායනය - පියදාස ගුණසේකර ඇතුළු පිරිස
පද හා තනුව - ආනන්ද සමරකෝන්
(කෙල්ලනි නුඹලා දන්නෙ නටන්නයි)
ගායනය - ආනන්ද සමරකෝන් සහ කේ. රාණි ඇතුළු පිරිස
පද හා තනුව - ආනන්ද සමරකෝන්
13. ඕ එන්න ඕ එන්න
ගායනය - කේ. රාණි
පද - ඩී.ටී. ප්‍රනාන්දු
තනුව - හන්ස්රාජ් බේල්
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1952 දී භාරතයේ තිරගතවූ "Jaggu" චිත්‍රපටියට මධුබාලා ජාවරී ගායනා කළ "O chunnu o munnu" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීය
Song - O chunnu o munnu
Singer - Madhubala Zaveri
Lyricist - Bharat Vyas
Composer - Hansraj Behl
Movie - Jaggu (1952)
මෙහි ඉදිරිපත් කර ඇත්තේ, "සැඩ සුළං" චිත්‍රපටියේ එක් දර්ශන පෙළක පසුබිම් ගායනයකි.
සිනමා දර්ශන සමග එක දිගට එසේ වූවත්, ගී තැටි වලට නැංවීමේදී 'හිස් මාස්ටර්ස් වොයිස්' තැටි අංක WN. 561 හි ගොනු කොට ඇත.
මහැදුරු සුනිල් ආරියරත්න මැතිඳුන්ගේ 'සිංහල චිත්‍රපට ගීතාවලිය පළමු වෙළුමේ මේ දර්ශන වලට අදාල ගායනා, ගී තුනක් ලෙස දක්වා ඇත.
ඒවා නම් කර ඇත්තේ තැටියේ සඳහන් පරිදි පහත අනුපිළිවෙලටයි.
1 අමු පිටිසරයෙකි
2 කළුකඩ කාසි සොයාලා
3 ඔයා තමයි
මෙම පලකිරීමේ ප්‍රකාර....
14. අමු පිටිසරයෙකි
15. කළුකඩ කාසි සොයාලා
16. ඔයා තමයි
එකට ඈඳෙන දර්ශන පෙළක ගී නිසා, මෙහි ගෙන එන්නේ ඒ ගී එකට ගලා යන පරිදිය.
1950 දී භාරතයේ තිරගතවූ "බෙකාසූර්" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගායනා කළ "Ankhiyan Gulabi Jaise Madh Ki Hai Pyaliyan" සහ "Hanske Na Teer Chalana" යන ගී වල තනු මත ගොඩනැඟූ ගීයකි.
එම හින්දි ගීත වලින් පළමුවැන්න..
Song - Ankhiyan Gulabi Jaise
Singers - Lata Mangeshkar & Mohammed Rafi
Lyricist - Ehsan Rizvi
Composer - Anil Biswas
Movie - Beqasoor (1950)
හින්දි ගීතය දෙවැන්න..

No comments:
Post a Comment