ඒ මුත් පව් කර්ම කාටත් හොඳ ම නැතී
මිනිසත් බවේ දියුණුව ලැබ ගන්ට රුසී
මත් පැන් පරදාරකම අත් හැරිය යුතී
බොහොම හරි
ආ....
ආලෝකය කෝ දිළිඳාට මෙ ලෝ //
හැමදාම දුකයි මේ ජීවිතේ //
පාට රතුයි කාගෙත් රුධිරේ
එක අහස යටයි අපි බිහිවුණේ
පාට රතුයි කාගෙත් රුධිරේ
එක අහස යටයි අපි බිහිවුණේ
භේදෙ මෙසේ මිනිසා අතරේ ඇයි //
කවදාද සැපේ දිළිඳා අතේ
ආලෝකය කෝ දිළිඳාට මෙ ලෝ //
හැමදාම දුකයි මේ ජීවිතේ ///
සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බල බලා හිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
ඒක ඇත්ත
හැමදාම දුකයි මේ ජීවිතේ
මාමෙ තව එකක්
අල්ලට සිඟාවත් රස ඇති කැවිලි කකා
වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් මකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා
හොඳ අවවාදෙ
ආ...
ආලෝකය කෝ දිළිඳාට මෙ ලෝ //
හැමදාම දුකයි මේ ජීවිතේ //////
ගායනය - මොහිදීන් බෙග් සහ පිරිස
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය - එස්. එස්. වේදාචලම්
1957 දී තිරගතවූ ජීවිත සටන චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.
No comments:
Post a Comment