"වන මෝහිනී" සිංහල චිත්‍රපටිය මෙරට රිදී තීරයේ දිග හැරුණෙ 1958 වර්ෂයේ.
ඒ 56 වැනි සිංහල චිත්‍රපටිය ලෙස.
හැබැයි එනමින් මීට ඉහතදී ඉන්දියාවේ දමිළ චිත්‍රපටිය නිෂ්පාදනය වූවා.
මෙහි රඟපෑවෙ ශ්‍රී ලංකාවෙ උපන් නිළියක්. ඇය තවමනී දේවි.
ඇය ඉන්දියාවට ගියේ වැඩිදුර ඉගෙනගන්න. ඒත් ඈ රඟපෑමට හා ගායනයට යොමුවුණා.
දමිළ චිත්‍රපටිය 1942 දී යාපනයේ "රීගල්" සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කරන්නට සූදානම් කර තිබුණා.
නුමුත් මොකද වුණේ අර තවමනී දේවීගේ ඥාතින් පිරිසක් සිනමාහලට කඩා වැදී තිරයට ගිනි අවුලා සිටියා.
අන්න ඒ "වනමෝහිනී" කතාව ම තමයි සිංහලෙන් නිෂ්පාදනය කර 1958 දී මෙරට සිනමාහල් වල ප්‍රදර්ශනය කළේ.
දමිළ චිත්‍රපටිය පෙන්වන්න සූදානම්වූ අවස්ථාවේ යාපනයේ කුපිත වූ පිරිසක් කළ විරෝධතා නිසා, තවමනී දේවි කවමදාවත් ආයෙ ලංකාවට ආවෙ නෑ.
ගොඩාක් විස්තර තිබුණත් අරුණ ගුණරත්න මහතා මෙම පළකිරීමේ අග ඇති වීඩියෝවෙන් "වන මෝහිනී" සිංහල චිත්‍රපටියේ තොරතුරු සමග ඔබට ගෙන ඒවි.
මා ඔබ කැඳවා ගෙන යන්නෙ සිංහල චිත්‍රපටියේ ඇතුළත් වූ ගීත වෙත.
ගීත 11 ක් ඇතුළත් වුණා සිංහල චිත්‍රපටියට. ඉන් "සව්සත් පුබෝධ දී" යන ගීය පමණක් තැටියට නැඟුණේ නැහැ.
සිනමා කෘතියට බැහැරව පසු කලෙක ගායනා වූ ඉහත කී ගීයේ පිටපතක්, කඩුවෙල බන්දුල ගමගේ මහතා ළඟ සුරැකිව තිබුණා.
ඉතින් යොමුවෙමු "වන මෝහිනී" චිත්‍රපටියේ ගීත වෙත.
මේ ගී සියල්ල රචනා කළේ කරුණාරත්න අබේසේකර මහතා. ඔක්කොම හින්දි හා දමිළ ගී තනු වලට ගෙතුණු ඒවා.
මේ එක එකක් ගී කේවල පළකිරීම් ලෙස "ගී අරණ" සොඳුරු ගී අඩවියේ ස්ථාපිතයි. ඒ කේවල පලකිරීමට යන්න පුළුවනි ගීයේ නාමය මත ක්ලික් කිරීමෙන්. එසේ පිවිසී අහන්න; බලන්න.
මොකද, ගීයේ වැඩිමනත් තොරතුරු ඇතුළත් වන්නේ එතැන නිසා.
ගායනය - ධර්මදාස වල්පොල, මොහිදින් බෙග් සමග එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සලිල් චෞද්රි
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1958 දී තිරගතවූ "වන මෝහිනී" චිත්‍රපටියේ ගීයකි.
1957 දී භාරතයේ තිරගතවූ
"මුසාෆිර්" හින්දි චිත්‍රපටියට කිෂෝර් කුමාර් ගැයූ "Munnabada pyara" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Song - Munna bada pyara
Singer - Kishore Kumar
Lyricist - Shailendra
Composer - Salil Chowdhury
Movie - Musafir (1957)
ගායනය - ලතා වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1958 දී තිරගතවූ "වන මෝහිනී" චිත්‍රපටියේ ගීයකි.
1957 දී තිරගතවූ "Sheroo" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ "Nainon Me Pyar Dole" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීතය
Singer - Lata Mangeshkar
Lyricist - Kaif Irfani
Music & Composed By - Madan Mohan
Movie - Sheroo (1957)
3. මිණි පහන ඔබයි
ගායනය - ජමුණා රාණි
පද - කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය - එස්. දක්ෂිණමූර්ති
චිත්‍රපටිය - වන මෝහිනී (1958)
1957 දී තිරගතවූ "ආශා" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ,
"Zara ruk ruk ke" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීය
Song - Zara ruk ruk ke
Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Music Composer - Ramchandra Narhar Chitalkar (C. Ramchandra)
Movie - Aasha (1957)
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ප්‍රේම් දවාන්
සංගීකය - එස්. දක්ෂිණමූර්ති
1957 දී භාරතයේ තිරගතවූ Ek Saal චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, Chhun Chhun Chali Piya යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීත අධ්‍යක්ෂණය - එස්. දක්ෂිණමූර්ති
චිත්‍රපටිය - වන මෝහිනී (1958)
1956 දී තිරගතවූ Chori Chori හින්දි චිත්‍රපටියට මන්නා ඩේ සමග ලතා මංගෙස්කාර් ගායනා කළ, Jahan Main Jaati Hoon යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Singer - Lata Mangeshkar & Manna Dey
Music Composer - Shankar Jaikishan
Lyricist - Shailendra Singh
Movie Chori Chori (1956)
හින්දි ගීය
Song - Aiven Duniya Deve Duhayi
Singers - Mohammed Rafi & Balbir Singh
Lyricist - Salil Chowdhury
Composer - Prem Dhawan
Movie - Jaagte Raho 1956
ගායනය - ලතා වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1958 දී තිරගතවූ "වන මෝහිනී" චිත්‍රපටියේ ගීයකි.
1955 දී තිරගතවූ "Baap Re Baap" චිත්‍රපටියට ආශා බෝස්ලේ ගායනා කළ,
"Raat Rangili Chamke Taare" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීය
Song - Raat Rangili Chamke Taare
Singer - Asha Bhosle
Lyricist - Jan Nisar Akhtar
Music & Composed By - O.P. Nayyar
Movie - Baap Re Baap (1955)
ගායනය - ලතා වල්පොල
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සලීල් චෞදරි
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
චිත්‍රපටිය - වනමෝහිනී 1958
1956 දී භාරතයේ තිරගතවූ Parivar හින්දි චිත්‍රපටියට හේමන්ත් කුමාර් සමග ලතා මංගෙස්කාර් ගායනා කළ, Jhir Jhir Jhir Jhi Badarwa Barse යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
1957 වසරේ දී ඉන්දියාවේ තිරගතවූ Aaravalli දමිළ චිත්‍රපටියට ද මේ තනුවට නිර්මානය වූ ගීයක් ඇතුළත් වුණා.
ගායනය - ධර්මදාස වල්පොල , ලතා වල්පොල සහ පිරිස
ගී පද - කරුණාරත්න අබේසේකර
පුරුෂ පිරිස
කාන්තා පිරිස
අබේසේකර (නිල් පැහැයෙන් ඇති කොටස චිත්‍රපටියේ ඇතුළත් වුවත්, මේ ඉදිරිපත් කර ඇති ගායනයේ අඩංගු නොවේ.)

No comments:
Post a Comment