මා හතරවැනි පන්තියේ ඉගෙනුම ලබද්දි මා පාසලේ විවිධ ප්‍රසංගයට මගේ සම වයසේ සහෝදර ශිෂ්‍යයන් සමග රංගනයකට එකතු වුණා.
ඒක තම අස්වනු සාර වීමෙන් ප්‍රීතියට හා උද්ධාමයට පත් ගොවි ගෙවිලියන්ගේ සතුට නිරූපනය කරන ඉදිරිපත් කිරීමක්.
රංගනය මුහුවුණේ "දකින දකින වෙලේ...
. . හොඳ කාලෙ උදාවුණා අපේ ගොයම පැසී ගියා" යන ගීය සමග.
එදා ඒ ගීයේ නාද මාලා තදින් ම මා සිතේ මුල් ඇදගත්තා.
පසු කාලෙක එකී ගීය 'වංග' ජනගීයක නාද මාලා මත බිහිවූ එකක් බව දැනගත්තා.
ke madole taan tole
ඒ ගීය ගැන පස්සෙ කතාකරමු.
සිංහල ගීත වලට වංග සංගීතයේ ආභාෂය මුහු වෙන්න ගත්තෙ කවදා ඉඳලද ?
ඒක හරියටම කියන්න දන්නෙ නෑ.
සුවිශේෂ ආරාධනයකට අනුව සිය අවසන් විදේශ සංචාරය ලෙස 1934 දී මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර් තුමා ලංකාවට පැමණි බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
ඉන්දියානු නිදහස් අරගලය වෙනුවෙන් මහත් සේ සටන් කළ තාගෝර් තුමා ගැන ලක් වැසියන් අතර වූයේ ගෞරවනීය පිළි ගැනීමකි. 1913 දී එතුමා සාහිත්‍යය උදෙසා නොබෙල් ත්‍යාගය දිනාග ගැනීම නිසා මේ ගෞරවය තවත් වැඩවිය.
තාගෝර් තුමාගේ ලංකා සංචාරයේ දී හොරණ ශ්‍රීපාලියට මුල්ගල් තැබීම සිදුවුණා.
එයින් ගම්‍ය වන්නෙ මෙරට සංගීතවේදීහූ වංග සංගීතය කෙරෙහි නැඹුරුවක් දක්වූ බවයි.
මගේ මතකයේ හැටියට රුක්මණී දේවි මහත්මිය 1938 දී ගීතයක් ගැයුවා වංග ගී තනුවකට.
ඒ "පුන් සඳ පායා නීල ගුවන් හී" යන ගීතය.
වංග සංගීතයට අප නැඹුරු වූයේ කුමන කාලයක සිටද යන්න ගැන දළ අදහසක් ලබා ගනු වස්, ඉතිහාසයේ අපට හමුවන වංග සංගීතය මුහුවූ ගී කිහිපයකට යොමු වෙමු.
සටහන -
මෙතැනින් ඔබ්බෙහි මෙහි අඩංගු කර ඇති ගීත වල නාමය මත ක්ලික් කිරීමෙන්, එකී ගීයේ "ගී අරණ" අඩවිය තුළ ස්ථාපිත කේවල පලකිරීම වෙත යොමු විය හැක.
ගායනය - රුක්මණී දේවි
පද - අඥාතයි
තනුව - කාසි නස්රූල් ඉස්ලාම්
සංගීතය - එච්.ඩබ්. රූපසිංහ
1936 දී සකීනා බෙගම් විසින් ගායනා කරනු ලැබූ Allaho Amar Swami නම් වංග භක්ති ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
මෙය රුක්මණී දේවියගේ තැටියට නැගුණු ප්‍රථම කේවල ගීයයි. (1938)
හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක N. 9375
වංග ගීය
Composer - Kazi Nazrul Islam
Lyricist - Kazi Nazrul Islam
පද රචනය හා සංගීතය - ආනන්ද සමරකෝන්
HMV තැටි අංක N. 13007
Song: Gram-Chhara Oi Ranga Matir Path
Album: Aji Kon Sure Bandhibo - Suchitra Mitra
Artist: Suchitra Mitra
Music Director: Rabindranath Tagore
Lyricist: Rabindranath Tagore
ආනන්ද සමරකෝන් සංගීතවේදියා වංග සංගීතයේ ආභාෂය මත නිර්මානය කළ ගී රැසක් ඇති බව කිව යුතුය.
ප්‍රේමය තේමා කරගත් "එන්ඩද මැණිකේ" ගීතය තරුණ ගැමි පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු අතර සංවාදයක ස්වරූපයෙන් වූ ගීයකි. මේ පලකිරීමේ අංක 4 යටතේ එය ඉදිරිපත් කර ඇත.
1940 ගණන්වල මුල් භාගයේ සිට මැද භාගය දක්වා පහත සඳහන් ගීත ආනන්ද සමරකෝන් සංගීතවේදියාගෙන් බිහිවිය.
6. ජන සැම මන
හැර ජාති වංශ ආගම් කුල භේදා
රුදුවන් සැම අපවිත්‍රා
සෝදා ජලයෙනි මහවැලි ගංගා
ශූද්ධ කරන් ලක තුංගා
බැඳ අප සිත් පෙම් දමිනේ
පර හට වැඩ කරවමිනේ
සෙත දෙන් හට ලක් මාතා
ජය ජය මංගල වේ ජයමංගල
තුති ගී පවසමු බැතිනා
තුතිවේ.... තුතිවේ.... තුතිවේ
ඔබ හට ජය තුති වේ
සියල් සිරින් හෙබි අප ලක් දිවයින
දෙව් විමනක් විය රමණී
සිටියෝ රජ දරු පෙර අප නෑසියො
දුක නැතිවම සමගියෙනී
උතුමෙනි අද කිම සිදු වී
සමගිය අප'තර නැතිවී
සිරිත් ධර්ම වී භංගා
නැත නැත ඔබ හැර අන් කිසි සරණය
කළ මැන සාමය නංවා
තුතිවේ.... තුතිවේ.... තුතිවේ
ඔබ හට ජය තුති වේ
ඔබ දෙන නෙක සිරි දෑ ඉවතා අපි
සෙවුවෙමු අන් අය සරණා
ඉන් අප රමණිය කෙත් වතු පාළුවි
ගියෙ අහො උතුමෙනි කරුණා
නව ජීවන රස දෙමිනී
අවදි කරන් ලක් මෑණී
උදා කරන් නව සූර්යා
ඔබ සිහසුන යොමු කළ මැන සවනය
කියන මෙ අප දුක් ගීතා
තුතිවේ.... තුතිවේ.... තුතිවේ
ජය ජය ජය තුති වේ
ලක් මව හට සරුසාර ජීවන දෙන
අසරණ ගොවි දන රකිවා
ඉදිරි ව අප රට නංවා ලීමට
ඔවුන ප්‍රබෝධ කරත්වා
සිට ඔබ සිහසුන සෙවණේ
කියමු මෙ ගී සාදරිනේ
ගොතමින පෙම් මල් මාලා
ජය ජය මංගල වේ
ජයමංගල මංගල වෙය අප මාතා
තුතිවේ.... තුතිවේ.... තුතිවේ
ඔබ හට ජය තුති වේ
බුදු රජ කිතුතුම ආදී උතුමෝ
දුන් මෙන් දහමය රමණී
කර අනුගමනය වඩනට සමගිය
ධෛර්ය කරන් අප බැතිනී
ලොව නෙක අන් සැම ජාතී
සමග සමගි සාමයෙනී
ඉන්ට අපට හැකි වේවා
ජය ජය මංගල වේ
ජයමංගල මංගල වෙය අප මාතා
තුති ගී පවසමු බැතිනා
තුතිවේ.... තුතිවේ.... තුතිවේ
ඔබහට ජය තුති වේ
ගායනය - ආනන්ද සමරකෝන්, චන්ද්‍රා සමරකෝන් සහ පිරිස
පද - ආනන්ද සමරකොන්
තනුව - රබීන්ද්‍රනාත් තාගෝර්
1911 දී පමණ රබීන්ද්‍රනාත් තාගෝර් තුමා විසින් රචිත Jana Gana Mana යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
එම මුල් ගීය පසු කලෙක "Bharata Bhagya Bidhata" (Bengali: ভারত ভাগ্য বিধাতা) යන නමින් ඉන්දීය ජාතික ගීය ලෙස පිළිගනු ලැබිණ. (ඒ පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත.)
'දන සැම මන' නම් සිංහල ගීය ප්‍රථම වරට තැටියකට නැඟුණේ 1939 දීය.
එය "හිස් මාස්ටර්ස් වොයිස්" ලේබලයෙන් තැටි ගත වූයේ අංක N. 9310 යටතේය.
මෙහි ඇතුළත් ගීයේ ගැයෙන්නේ මුල් රචනයෙන් කොටසක් පමණය. පසු කලෙක තැටියට නැඟීමේදී ද පදමාලාවේ අබ වර්ණයෙන් වන කොටස් ගායනා වූයේ නැත.
1947 දී නිව්යෝර්ක් නගරයේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ ඉන්දීය නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් විසින් රටේ ජාතික ගීය ලෙස "ජන ගණ මන" ගීතය පටිගත කරන ලදී. ලොව පුරා නියෝජිතයින්ගෙන් සමන්විත රැස්වීමක් ඉදිරිපිට ගෘහ වාද්‍ය වෘන්දය විසින් මෙම ගීතය වාදනය කරන ලදී.
1950 ජනවාරි 24 වන දින ඉන්දීය ව්‍යවස්ථාදායක සභාව විසින් " ජන ගණ මන " ඉන්දියාවේ ජාතික ගීය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
ඉන්දීය ජාතික ගීයේ පද (බෙන්ගාලි)
জনগণমন-অধিনায়ক জয় হে ভারতভাগ্যবিধাতা!
পঞ্জাব সিন্ধু গুজরাট মরাঠা দ্রাবিড় উত্কল বঙ্গ
বিন্ধ্য হিমাচল যমুনা গঙ্গা উচ্ছলজলধিতরঙ্গ
তব শুভ নামে জাগে, তব শুভ আশিস মাগে,
গাহে তব জয়গাথা।
জনগণমঙ্গলদায়ক জয় হে ভারতভাগ্যবিধাতা!
জয় হে, জয় হে, জয় হে, জয় জয় জয়, জয় হে॥
অহরহ তব আহ্বান প্রচারিত, শুনি তব উদার বাণী
হিন্দু বৌদ্ধ শিখ জৈন পারসিক মুসলমান খৃস্টানী
পূরব পশ্চিম আসে তব সিংহাসন-পাশে
প্রেমহার হয় গাঁথা।
জনগণ-ঐক্য-বিধায়ক জয় হে ভারতভাগ্যবিধাতা!
জয় হে, জয় হে, জয় হে, জয় জয় জয়, জয় হে॥
পতন-অভ্যুদয়-বন্ধুর পন্থা, যুগ-যুগ ধাবিত যাত্রী।
হে চিরসারথি, তব রথচক্রে মুখরিত পথ দিনরাত্রি।
দারুণ বিপ্লব-মাঝে তব শঙ্খধ্বনি বাজে
সঙ্কটদুঃখত্রাতা।
জনগণপথপরিচায়ক জয় হে ভারতভাগ্যবিধাতা!
জয় হে, জয় হে, জয় হে, জয় জয় জয় জয় হে॥
ঘোরতিমিরঘন নিবিড় নিশীথে পীড়িত মূর্ছিত দেশে
জাগ্রত ছিল তব অবিচল মঙ্গল নতনয়নে অনিমেষে।
দুঃস্বপ্নে আতঙ্কে রক্ষা করিলে অঙ্কে
স্নেহময়ী তুমি মাতা।
জনগণদুঃখত্রায়ক জয় হে ভারতভাগ্যবিধাতা!
জয় হে, জয় হে, জয় হে, জয় জয় জয় জয় হে॥
রাত্রি প্রভাতিল, উদিল রবিচ্ছবি পূর্ব-উদয়গিরিভালে---
গাহে বিহঙ্গম, পুণ্য সমীরণ নবজীবনরস ঢালে।
তব করুণারুণরাগে নিদ্রিত ভারত জাগে
তব চরণে নত মাথা।
জয় জয় জয় হে, জয় রাজেশ্বর ভারতভাগ্যবিধাতা!
জয় হে, জয় হে, জয় হে, জয় জয় জয় জয় হে॥
Jano Gano Mano Adhinayaka
Jaya Hey Bharata Bhagya Bidhata,
Panjabo Sindhu Gujarato Maratha
Drabiro Utkala Bango
Bindhyo Himachalo Jamuna Ganga
Uchhalo Jalodhi Tarango
Tabo Subho Namay Jagay
Tabo Subho Ashiso Magay
Gahay Tabo Jayagatha.
Jano Gano Mangala Daayaka
Jaya Hey Bharata Bhagya Bidhata
Jaya Hey, Jaya Hey, Jaya Hey,
Jaya Jaya Jaya Jaya Hey
Aharaha Tabo Awhbano Pracharito
Shuni Tabo Udaro Bani
Hindu Bauddho Sikho Jaino
Parasiko Musalmano Khristani
Puraba Pashchimo Aashay
Tabo Singhasano Pashay
Premoharo Hawye Gantha
Jano Gano Oikya Bidhyaka
Jaya Hey Bharata Bhagya Bidhata
Jaya Jaya Jaya, Jaya Hey
Patana Abhyudaya Bandhuro Pantha
Jugo Jugo Dhabito Jatri
He Chiro Sarathi, Tabo Ratha Chakre
Mukharito Patha Dino Ratri
Daruna Biplaba Majhay
Tabo Shankha Dhwani Bajay
Sankata Dukho Trata
Jano Gano Patha Parichyaka
Jaya Hey Bharata Bhagya Bidhata
Jaya Jaya Jaya, Jaya Hey
Ghoro Timiro Ghono Nibiro
Nishithay Pirito Murchhito Deshay
Jagrata Chhilo Tabo Abichalo Mangalo
Nato Nayanay Animeshay
Duhswapnay Atankay
Rakkha Karilay Ankay
Snehamayee Tumi Mata
Jano Gano Dukho Trayaka
Jaya Hey Bharata Bhagya Bidhata
Jaya Hey, Jaya Hey, Jaya Hey,
Jaya Jaya Jaya, Jaya Hey
Ratri Prabhatilo Udilo Rabichhabi
Purbo Udaya Giri Bhalay
Gahay Bihangamo Punyo Samirano
Nabo Jibana Rasa Dhalay
Tabo Karunaruno Ragay
Nidrito Bharata Jagay
Jaya Jaya Jaya Hey, Jaya Rajeswara
Bharata Bhagya Bidhata
Jaya Hey, Jaya Hey, Jaya Hey,
Jaya Jaya Jaya, Jaya Hey
උත්සව හා සැමරුම් අවස්ථාවල ගැයෙන ජාතික ගීයේ කෙටි ගීය
Jana-gana-mana-adhinayaka, jaya he
Bharata-bhagya-vidhata.
Punjab-Sindh-Gujarat-Maratha
Dravida-Utkala-Banga
Vindhya-Himachala-Yamuna-Ganga
Uchchala-Jaladhi-taranga.
Tava shubha name jage,
Tava shubha asisa mage,
Gahe tava jaya gatha,
Jana-gana-mangala-dayaka jaya he
Bharata-bhagya-vidhata.
Jaya he, jaya he, jaya he,
Jaya jaya jaya, jaya he!
Vocals- Amaresh Chakraborty, Animesh Chakraborty, Saurav Jha, Tandrima Pramanik, Reshma Banerjee & Monmohon Das,
Music - Animesh Chakraborty
DOP - Amaresh & Animesh
Poster Design - Cosmosonic Studio
Editing - Cosmosonic Studio
Direction - Amaresh Chakraborty
'දන සැම මන' නම් සිංහල ගීය ඇතුළත් තැටියේ අනෙක් පස වූ ගීය 'බලන්න සොහොයුරියේ' යන ගීය, මෙම පලකිරීමේ අංක 3 යටතේ ඉදිරිපත් කර ඇත.
සිසුන් පිරිසක් සමග ගැයූ අවස්ථාව
බෙන්ගාලි (වංග / Bangla) ගීයේ පද රචනය කළේ Jasim Uddin Mollah. එනමුත් ඔහු ප්‍රසිද්ධ Palli Kabi (එඬේර කවියා වන අරුත) ලෙස.
දැන් අපි යමු දේවාර් සූර්යසේන ගැයූ ගීය වෙත.
වීර මලේ රොන් ගෙනයන්නේ
වීර මලේ රොන් ගෙනයන්නේ
හොයි වන බඹරා වීර මලේ රොන් ගෙනයන්නේ
උදය ගිරින් සූර්යයා නගී
ඔය රම්‍ය මලෙන් පැණි උරා නිතී
මලින් මලට පැණි උරා කතී
බමරා, වීර මලේ රොන් අරන් යතී
උදය ගිරෙන් සූර්යයා නගී
උදය ගිරින් සූර්යයා නගී
වන ලෝකයේ පියුම් පුබුදතී
තුරු අතරින් සූර්යා බලතී
බමරා හෙමින් හෙමින් මලට ළං වෙතී
දී ගුම් ගුම් ගුම් ගුම් ගාලා
දී හම් හම් හම් හම් ගාලා
මට පැණි පොඩියක් දෙනවද රැජිණී
කියා, වන බමරා මලින් මලට පැණි හිඟා කතී
ඇයි ද නිකන් මං පැණි දෙන්නේ
බමරෝ ඇයි ද නිකන් මං පැණි දෙන්නේ
ඔබ කියන දෙයක් කර දෙමි රැජිණී
මට කියනු මැනවි මගෙ වන රාණී
මගෙ පණිවුඩයක් ගෙන යනු සොඳිනී
බමරෝ කුමුදු මලට මෙ හසුන දෙමිනී
මා පෙම් රාණී කුමුදු කුමාරි
මා පෙම් හසුනා දැක තුටු වේවී
ප්‍රිය ආදර මා කුමුදු කුමාරි
ප්‍රිය ආදර මා කුමුදු කුමාරි
බමරෝ ආදර මා කුමුදු කුමාරි
ඔබ කිව් විලසින් පනිවිඩ දෙන්නේ
ඔබෙ රොන් පොඩියක් දැන්වත් දෙන්නේ
ආ රොන් පොඩියක් සීරුව ගන්නේ, හොයි
බඹරා වීර මලේ රොන් ගෙනයන්නේ
මලින් මලට පනිවිඩ යන්නේ
බමරා වැටුප් පිණිස රොන් ලබමින්නේ
වීර මලේ රොන් ගෙනයන්නේ
බඹරා වීර මලේ රොන් ගෙනයන්නේ
ඔබට පැහැදිලියි, දේවාර් සූරියසේන (ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාගේ පුතා) "වීර මලේ රොන් ගෙන යන්නේ" ගීය නිර්මානය කළේ Gour Roop Dekhiya Hoichhi Pagol යන බෙංගාල ජන ගීයේ තනුවට බව.


No comments:
Post a Comment