Wednesday, August 26, 2026

සේපාලි චිත්‍රපටියේ ගීත



සිංහල සිනමා වංශකථාවේ 55 වැනි ඇසි-දිසි (කතානාද) චිත්‍රපටියයි "සේපාලි".


මේ චිත්‍රපටිය නිෂ්පාදක අප හොඳින් අසා ඇති කෙනෙක්. ඒ රොබින් තම්පෝ.


චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ ඩබ්.එම්.එස්. තම්පෝ. ඒ රොබින් තම්පෝගේ පියා.


මේ චිත්‍රපටියේ ගීත අටක් ඇතුළත් වුණත් මට ඔබට ඉදිරිපත් කළ හැක්කේ ගී හතරක් පමණයි.

කේ. රාණි ගායනා කළ සූර්ය කුමාර් පද රචනා කළ ගී හතරක් සොයාගන්නට නෑ.

එනමුත් තැටියට නැංවී තිබෙනවා. කවරෙකු හෝ සතුව සංරක්ෂණය වී තිබේනම් කරුණාකර දැනුවත් කරන්න.


සංගීත අධ්‍යක්ෂණය වී. ක්‍රිෂ්ණමූර්ති.


ගීයේ නාමය මත ක්ලික් කර එහි විස්තර සහිතව "ගී අරණ" අඩවියේ ඇති කේවල ගීයට යොමුවිය හැකිය


එහෙම නම්, මෙන්න සුරැකි ගී හතර.


1. දෙදෙනගෙ ආලේ


ගායනය - ලතා වල්පොල

පද - හර්බට් එම්. සෙනෙවිරත්න


තැටි අංකය - HMV WN. 629


1955 දී තිරගතවූ "House No. 44" චිත්‍රපටියට, හේමන්ත් කුමාර්, ලතා මංගෙස්කාර් සමග ගැයූ, "Peeche Peeche Aakar" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත. 

එහෙත් හින්දි ගීය මුළුමනින්ම අනුකරණය කර ගායනා කිරීමක්  නොවේ.


ඔබට මතක ඇති. "දුප්පතාගේ දුක" චිත්‍රපටියට ලතා වල්පොල, එස්. දක්ෂිණමූර්ති ගේ සහය ද ඇතිව ගැයූ "ඉ‍ඟි බිඟි පාලා" ගීය. අන්න ඒ ගීයනම් මුළුමනින්ම කොපිකිරීමක්.




හින්දි ගීය...

Song - Pichhe pichhe aa kar

Singers - Hemanta Kumar Mukhopadhyay & Lata Mangeshkar

Lyricist - Sahir Ludhianvi

Composer - S. D. Burman

Music Director - S. D. Burman

Movie - House No. 44 (1955)





ගායනය - ධර්මදාස වල්පොල

පද - හර්බට් එම්. සෙනෙවිරත්න


තැටි අංකය - HMV WN. 629


1956 වසරේ භාරතයේ තිරගතවූ CID හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ Ae Dil Hai Mushkil යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




මෙම ගීය නිර්මාණය සඳහා 1956 දී තිරගතවූ CID චිත්‍රපටියේ එන Ae Dil Hai Mushkil නම්, මොහොමඩ් රාෆි ගැයූ ගීය ඇසුරු කළ බව පැහැදිලිය. එනමුත් එම හින්දි ගීය නිර්මානයට පාදක වූයේ ද 1863 දී උපත ලැබූ බටහිර ගීයකි.

Down by the River Liv'd a Maiden යන ගීයයි.
එය ස්පාඤ්ඤ බැලේ ගීයක නාදමාලා ඇසුරින් නිර්මානය වූවකි.

ඕ.පී. නයියර් Ae Dil Hai Mushkil ගීය නිර්මානයට ඉවහල් කරගත්තේ Down by the River Liv'd a Maiden යන ගීයේ නාද මාලාය.
එම ගීයත්, එම නාද මාලා ඇසුරෙන් තැනුණු 1957 දී තිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ඇතුළත්වූ "සැනසිල්ල නැළවිල්ල මාගේ හිතේ" යන ගීයත් අහන්න මෙතැනින්.

තනුව උපුටා ගත් හින්දි ගීය

Song - Ae Dil Hai Mushkil

Singers - Mohammed Rafi & Geeta Dutt

Lyricist -  Majrooh Sultanpuri

Music - O.P. Nayyar

Movie - CID (1956)





ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - හියුගෝ ප්‍රනාන්දු

ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් තනුව උපුටා ගෙන ඇත.




ගායනය - ලතා වල්පොල

ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


දැනට ඉදිරිපත් කළ හැක්කේ ඉහත ගී හතර පමණි.

"සේපාලි" චිත්‍රපටියේ ගී සියල්ල 'හිස් මාස්ටර්ස් වොයිස්' ලේබලයෙන් තැටි ගත වී ඇතත්, ඉදිරිපත් කළ ගී හතර පමණි සංරක්ෂණය වී ඇත්තේ.
යම් හෙයකින් කොතැනක හෝ අනෙක් ගී හතර ශ්‍රවණය කළ හැකි අන්දමට සුරැකිව තිබී හමුවුණොත් ඉදිරිපත් කරන්නම්.

ඒ ගී හතර මෙසේය.

5. එපා ගීතිකා

ගායනය - කේ. රාණි
පද - සූර්ය කුමාර්

තැටි අංකය - HMV WN. 628

6. පුන් චන්ද්‍රා පායා නැඟේ

ගායනය - කේ. රාණි
පද - සූර්ය කුමාර්

7. ආලේ වියෝගෙනා

ගායනය - කේ. රාණි
පද - සූර්ය කුමාර්

8. මා සතු ඉරණම

ගායනය - කේ. රාණි
පද - සූර්ය කුමාර්

සුපුරුදු පරිදි අදත්, චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව ඔබට ඉදිරිපත් කරන්නේ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතායි.

No comments: