Saturday, September 12, 2026

"මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ ගීත



"මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ වැඩ නිමවා මෙරට ප්‍රදර්ශනයට මුදා හැරුණෙ 1959 පෙබරවාරි 20 වැනිදා.

එය සිංහල සිනමා වංශකථාවේ 58 වැනි චිත්‍රපටියයි.

ඩී.වී. සෙනෙවිරත්නයන්ගේ "මා ආලය කළ තරුණිය" නමැති නවකථාවයි "මා ආලේ කළ තරුණිය" ලෙස චිත්‍රපටියකට නැඟුණේ.


නිෂ්පාදන තොරතුරු ගැන "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා වීඩියෝවක් ගෙන එන නිසා මා චිත්‍රපටියේ ඇතුළත්වූ ගීත වෙතට ⁣ඔබව කැඳවා ගෙන යනවා.


ගීත නවයක් අඩංගු වුණා චිත්‍රපටියට.

සංගීත අධ්‍යක්ෂණය කළේ ෂෙල්ටන් ප්‍රේමරත්න. ගීත ප්‍රබන්ධ කලේ සිරිසේන විමලවීර.


මේ ගී වල නාමය මත ක්ලික් කිරීමෙන් "ගී අරණ" අඩවියේ  ඇති ඒ ගීයේ කේවල පළකිරීම වෙත යොමුවිය හැකියි. ගීයේ වැඩිමනත් විස්තර ඇතුළත් වන්නේ එහිය.


1. ප්‍රහේලිකාවක් වගේය ලෝකේ


ගායනය - සිසිර සේනාරත්න




ගීයේ සිනමා රූප රාමු


2. පුන් සඳ පායා රන්තරු අහසේ


ගායනය - හරූන් ලන්ත්‍රා සහ ජී.එස්.බී. රාණි පෙරේරා


1959 දී භාරතයේ තිරගතවූ Dil Deke Dekho චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ, Dil Deke Dekho Dil Deke Dekho යන ගීයෙන් තනුව උපුටා ගත් බව පැහැදිලිය.
මේ තනුවට නිර්මාණයවූ ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගායනා කළ, Dekho Kasam Se Kahate Hain Tum Se නම් ගීයක් ද තිබෙනවා Tumsa Nahin Dekha (1957) චිත්‍රපටියේ.




සිංහල ගීයේ සිනමා රූප රාමු.


මේ තනුවටම ගැයෙන තවත් සිංහල ගීයකි "මං පොඩි කාලේ දක්කට පස්සේ දැක්කෙ අදයි ඔයා" මේ අඩවියේ එම ගීයද තනුව පිළිබඳ විස්තර ද ඇතුළත් ය. මෙතනින් ඊට පිවිසිය හැක.



ගායනය - ඉන්ද්‍රාණි සේනාරත්න
(එවකට ඉන්ද්‍රාණි විජේබණ්ඩාර)



ගීයේ සිනමා රූප රාමු



ගායනය - මාලිනී සුරවීර සමග සහාය ගායක

මේ චිත්‍රපටියේ ගී එකක්වත් තැටියට නැඟුනේ නැත.

යම් පමණකට සුරැකුණු සිනමා සේයා පටයෙන් උකහා ගෙන සංරක්ෂණය කර ඇති ගීයකි අද අපට ශ්‍රවණට ඇත්තේ.





ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග හරූන් ලන්ත්‍රා




ගායනය - මොහිදීන් බෙග්

හින්දි ගී තනුවකි.



(නාමාවලිය සමග වාදනය වේ)

ගායනය - දයා නෙල්ලම්පිටිය සමග දේවානන්ද වෛද්‍යසේකර



"මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ තවත් ගී දෙකක් ඇත.
එහෙත් එම ගී දෙක ඔබට ශ්‍රවණය සඳහා ඉදිරිපත් කළ නොහැක්කේ "හඬ" මුසු ගීයේ සුරැකුමක් නොමැති බැවිනි.

එම ගී දෙක මෙසේය..

8. කලාකාරයෙක් නේ (ප්‍රජාතන්තරේ)

ගායනය - සිසිර සේනාරත්න

9. ඕඩි හෙලෙයි
(පෙම් සයුරේ රැල්ල හැපී)

ගායනය - මොහිදීන් බෙග්

"මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව ඔබ වෙත ඉදිරිපත් කරන්නේ "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා.
එතුමාට "ගී අරණ" අඩවියේ ස්තුතිය.

No comments: