"ලේ කඳුළු" සිංහල සිනමා වංශකථාවේ 44 වැනි චිත්‍රපටිය ලෙස ස්ථාන ගත කර ඇත.
එහෙත් මෙය ලංකාවේ සිනමාහල් හී තිරගත කෙරුණේ නැත.
පානදුරේ නගර ශාලාවේ දී ප්‍රදර්ශනය ට ඉදිරිපත් කර ඇත.
පානදුරේ පිය පුතු දෙදෙනෙකුගේ නිමැවුමකි.
චිත්‍රපටිය පිළිබඳ තොරතුරු හීන මුත්, සිංහල සිනමා වංශකථාවට ඇතුළත් කර ඇති නිසා ද, එහි වූ ඇතැම් ගී යම් පමණකට ජනපුිය වූ නිසාද, "චිත්‍රපටි ගීත" පෙළට එකතු කළා.
ගීත 6 ක් චිත්‍රපටියට ඇතුළත් වූවත් ඉන් දෙකක් සොයා ගන්නට අපොහොසත් වුණා.
සොයා ගන්නට නොහැකි වූ ගීත දෙක...
1. ඇවිළේ රුදුරු ගින්නේ
ගායනය - ලතා (එවකට ලතා ප්‍රනාන්දු)
2. පෙම් සෝක ධාරා
ගායනය - මොහිදීන් බෙග්
මට ඔබ වෙත ගෙන එන්න පුළුවන් වූයේ පහත ගී හතර පමණයි.
ගී සියල්ල ප්‍රබන්ධ කළේ හියුබත් ද මෙල්.
සියල්ලම සංගීතවත් කළේ ටී.එෆ්. ලතීෆ්.
මේ හැම ගීයක් ම ඉන්දීය සිනමාවේ ගී වලින් අනුකරණය කර ඇත.
ගායනය - සිසිර සේනාරත්න
තනුව - එස්. මොහින්දර්
1955 දී භාරතයේ තිරගතවූ Shahzada හින්දි චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගායනා කළ gam na kar khushee ka daur යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Song - Gam na kar khushee ka daur aaega
Singer - Talat Mahmood
Lyrics - Tanveer Naqvi
Music - S. Mohinder9
Movie - Shahzada (1955)
Song - Aa Nile Gagan Tale Pyaar Ham Kare
Singers - Hemant Kumar & Lata Mangeshkar
Lyricist - Hasrat Jaipuri
Music Composer - Shankar Jaikishan
Movie - Badshah (1954)
"ලේ කඳුළු" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා වෙතිනි.

No comments:
Post a Comment