Monday, July 20, 2026

"සොහොයුරෝ" චිත්‍රපටියේ ගීත











"සොහොයුරෝ" 1958 වසරේදී තිරගත වූයේ 50 වැනි සිංහල ඇසි-දිසි චිත්‍රපටිය ලෙසයි.


පසු කලෙක සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වූ ඇන්ජලින් ගුණතිලක (එවකට ඇන්ජලින් ද ලැනරෝල්) සිනමා ගී ගායනයට පිවිසියේ මේ චිත්‍රපටියෙනුයි.


ගීත 10 ක් අඩංගු වූ මේ චිත්‍රපටියේ තැටියට නැංවුණේ ගීත 6 ක් පමණයි.

"කලාෆෝන්" ලේබලය යටතේ නිකුත් වූ ගී තැටි සඳහා ගී නිමැවුණේ කඳානේ "සුන්දර සවුන්ඩ්" චිත්‍රාගාරයේ දීය.


චිත්‍රපටිය "සීමාසහිත ශ්‍රී මුරුගන් නවකලා ෆිල්ම්ස්" වෙනුවෙන් නිෂ්පාදනය කරන්නට යෙදුණේ මෙරට පළමු සිංහල කතානාද චිත්‍රපටය නිෂ්පාදනය කළ එස්.එම්. නායගම් වෙතිනි.


චිත්‍රපට කර්මාන්තයට අදාලව ලංකාවේ පළමු චිත්‍රගාරය වන "සුන්දර සවුන්ඩ්" එම්.එම්. නායගම් මහතා විසින් ඇතිකරනු ලැබූවකි.


චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝවක් ඔබ වෙත ගෙන එන නිසා, මෙහි මා උලුප්පා දක්වන්නේ සිනමා කෘතියේ අඩංගු වූ ගීත ගැනයි.

ගීත 10 න් ගී දෙකක් ශ්‍රව්‍ය තත්වයෙන් ගබඩා වී සුරැකී නැත.


සියලුම ගීත වල ප්‍රබන්ධය ඩබ්. බෙනඩින්ට් ප්‍රනාන්දු විසිනි.

සංගීත අධ්‍යක්ෂණය කරමින් ස්වතන්ත්‍ර තනු වලට සියලුම ගී නිර්මානය කෙරු⁣ණේ ආර්. මුත්තුසාමි සංගීතවේදියා වෙතිනි.


"සොහොයුරෝ" 1958 ගී ගොන්න...

ඉදිරිපත් කර ඇති ගී වල නාමය මත ක්ලික් කිරීමෙන්, "ගී අරණ" අඩවියේ ඇති එම ගීයේ කේවල පළකිරීමට යොමු විය හැක. ගීයේ වැඩිමනත් විස්තර ඇතුළත් වන්නේ එම කේවල පළකිරීම තුළ බව කරුණාවෙන් සලකන්න.


1. නිසංසලයි ලෝකේ


ගායනය - ධර්මදාස වල්පොල

තැටි අංකය Kalaphone SMN. 106




ගායනය - ඇන්ජලින් ද ලැනරෝල් සමග සිඩ්නි ආටිගල

මෙම ගීය තැටියට නැඟුණේ නැත.
පසු කලෙක සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාව වූ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ප්‍රථම සිනමා ගී ගායනය මෙයයි.




ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල




ගායනය - ධර්මදාස වල්පොල




ගායනය - ධර්මදාස වල්පොල




ගායනය - මොහිදීන් බෙග්




ගායනය - ලතා වල්පොල




ගායනය - එඩී යාපා


තවත් ගී දෙකක් ඇත. එනමුත් එම ගී දෙක ශ්‍රවණය සඳහා ඉදිරිපත් කළ නොහැකිය.
ගී වල ශ්‍රව්‍ය ගොනු (Audio files) සංරක්ෂණය වී නැති බවයි පෙනී යන්නේ.

ශ්‍රවණය සඳහා ඉදිරිපත් කළ නොහැකි ගී දෙක...

9. සිත මගෙ ප්‍රීති

ගායනය - විල්බට් ඇන්තනි.

10. සකුන්තලා

ගායනය - නොදනී

"⁣සොහොයුරෝ" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා විසිනි.
එතුමාට "ගී අරණ" සොඳුරු ගී අඩවියේ කෘතඥතාව ස්තුති පූර්වකව පිරිනැමේ.

No comments: