Tuesday, November 3, 2026

"සිරිමලී" චිත්‍රපටියේ ගීත



"සිරිමලී" සිංහල සිනමා වංශකථාවේ 64 වැනි චිත්‍රපටියයි.


රබීන්ද්‍ර කුමාරස්වාමි සිංහල සිනමා ක්ෂේත්‍රයට එක් වූයේ, 1958 දී තිරගතවූ "ස්පාලි" චිත්‍රපටියේ 'නිෂ්පාදක' ලෙස.


1959 දී තිරගතවූ "සිරිමලී" චිත්‍රපටිය දී ඔහු එම චිත්‍රපටියට සම්බන්ධ වෙන්නෙ 'අධ්‍යක්ෂක' ලෙස.


රබීන්ද්‍ර කුමාරස්වාමි යන නමින් මේ පුද්ගලයා ඔබට නුහුරු ඇති.


මේ තමයි රොබින් තම්පෝ.


"සිරිමලී" චිත්‍රපටිය චිත්‍රපටිය නිෂ්පාදනය කළේ පී.එල්. බුද්ධදාස සහ මීනා තම්පෝ.

මීනා තම්පෝ කියන්නෙ, රොබින් තම්පෝගේ මව.


මේ මා ඔබ වෙත ගෙන එන්නෙ එදා මෙදා තුර රිදී තිරයේ දිග හැරුණු සිංහල චිත්‍රපටි වල අඩංගු වූ ගීතාවලිය.

එතැනදි මා බර තබන්නේ "චිත්‍රපටි ගීත" යන පෙළ ගැස්මට.


ඒ නිසා නිෂ්පාදනය ගැන වැඩිමනත් තොරතුරු පලකිරීම අග ඇති වීඩියෝවෙන් ගෙන එන බව සනිටුහන් කරමින්, මා "සිරිමලී" චිත්‍රපටියේ ඇතුළත්වූ ගීත වෙත යොමු වෙනවා.


"සිරිමලී" චිත්‍රපටියේ සියලුම ගී ප්‍රබන්ධ කළේ චිත්‍රානන්ද අබේසේකර.

සංගීත අධ්‍යක්ෂණය කළේ වී. ක්‍රිෂ්ණමූර්ති.


අඩංගු වූ ගී සියල්ල සඳහා යොදාගෙන ඇත්තේ හින්දි හෝ ද්‍රවිඪ ගී තනු.


1. කරුණාව යුක්ති ධර්මේ


ගායනය - ලතා වල්පොල සහ පිරි





ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල



ගීයේ සිනමා රූප රාමු



ගායනය - කේ. රාණි සමග ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා

1958 දී භාරතයේ තිරගතවූ Chalti Ke Naam Gadi හින්දි චිත්‍රපටියට ආශා බෝස්ලේ කිශෝර් කුමාර් සමගින් ගායනා කළ "Haal Kaisa Hai Janab Ka" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීය

Singers - Asha Bhosle, Kishore Kumar

Song Lyricist - Majrooh Sultanpuri

Music Composer - Sachin Dev Burman

Movie - Chalti Ka Naam Gaadi (1958)






ගායනය - ලතා වල්පොල




ගායනය - ලතා වල්පොල




ගායනය - ඉන්ද්‍රානි විජේබණ්ඩාර* සමග සිඩ්නි ආටිගල
* (ඉන්ද්‍රානි සේනාරත්න එවකට)




ගායනය - ලතා වල්පොල



"සිරිමලී" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා.

No comments: