Thursday, September 17, 2026

හද ගිලෙයි අම මිහිරේ

හද ගිලෙයි අම මිහිරේ

පෙම් සුවේ රස ඉතිරේ

මල් පැණි මදිරා

මී පැණි ගංගා

පෙම් සයුරට මුසුවේ

පෙම් සයුරට මුසුවේ


හද ගිලෙයි අම මිහිරේ

පෙම් සුවේ රස ඉතිරේ


වන බඹරු නොදත් නොසිපී

සමනලුන් දුටුව සිරි

රොන් ගත විහිදේ ‍

පෙම් ලිය ගොමුවේ

පොබයා මල් සිනහා

පොබයා මල් සිනහා


හද ගිලෙයි අම මිහිරේ

පෙම් සුවේ රස ඉතිරේ


පෙම් වලාකුළු ද කැටිවී

ඇති තුරුළු වෙලා කිමිදී


කඳු ගැට අත⁣රේ

බැස යන ගඟුලේ

සීතල මට දැනුණා

සීතල මට දැනුණා


හද ගිලෙයි අම මිහිරේ

පෙම් සුවේ රස ඉතිරේ

මල් පැණි මදිරා

මී පැණි ගංගා

පෙම් සයුරට මුසුවේ

පෙම් සයුරට මුසුවේ


සුදු පළිඟු තලා උඩදී

සඳ කිරණ සමග මුසු වී

පෙම් රළ පතරේ

පෙණ පිඬු විසිරේ

ආදර කිරි මුහුදේ

ආදර කිරි මුහුදේ


හද ගිලෙයි අම මිහිරේ

පෙම් සුවේ රස ඉතිරේ


ගායනය - රුක්මණී දේවි සමග මොහිදීන් බෙග්

පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

සංගීතය - සජාද් හුසේන්


1959 දී තිරගතවූ "දෛවයෝගය" චිත්‍රපටියේ ගීයකි.




ගීයේ සිනමා රූප රාමු



ආදරියේ රුචිරාණනියේ

ආදරියේ රුචිරාණනියේ

ලියලනවා තව තව සෝකේ

වැලපෙනවා මා අද හිර ගේ

ආදරියේ රුචිරාණනියේ

ලියලනවා තව තව සෝකේ

වැලපෙනවා මා අද හිර ගේ

ආදරියේ රුචිරාණනියේ


මගෙ ආදරියේ සුව නින්දේ

රස සිහින වැලේ එතිලා

හමනා සුළඟද මේ එන්නේ

කවදද ඇයගේ මුව කමලේ

ඔද වැඩෙන සිනා රසයේ

ගිලිලා යලි මා සැනසෙන්නේ


ආදරියේ රුචිරාණනියේ

ලියලනවා තව තව සෝකේ

වැලපෙනවා මා අද හිර ගේ

ආදරියේ රුචිරාණනියේ


මා හා ඇයි මේ සතුරු කැල මැද

කඳුළු පෙරා සිහලුන් මේ ලොවේ

නෑ නෑ ළතවෙන්නේ

බල පා තෙද පා දැඩි එඩි පා

මේ යදම් කඩා පුපුරා යන සේ

කකියා යයි රුහිරේ


ආදරියේ රුචිරාණනියේ

ලියලනවා තව තව සෝකේ

වැලපෙනවා මා අද හිර ගේ

ආදරියේ රුචිරාණනියේ


ආ... ආ... ආ..........


ගායනය - මොහිදීන් බෙග්

පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

සංගීතය - සජාද් හුසේන්


1959 දී තිරගතවූ "දෛවයෝගය" චිත්‍රපටියේ ගීයකි.




ගීයේ සිනමා රූප රාමු




ආදරයයි කරුණාවයි

ආදරයයි කරුණාවයි

හිමි බැතියයි 

මා සිත පාරයි

ආදරයයි


සෝකේ උල්පත සංකා ගඟ වේ සංතාපයේ සාගරය සොයයි

සංතාපයේ සාගරය සොයයි 


ආදරයයි කරුණාවයි

හිමි බැතියයි 

මා සිත පාරයි

ආදරයයි


දහසක් වටිනා මුතු හර කුමටද

සිතු සේ ගෙල පළඳින්න බැරි

හද බැති නංවන 

පුදසුන කුමටද

පැතු දෙයින් ජයගන්න බැරි

පැතු දෙයින් ජයගන්න බැරි


ආදරයයි කරුණාවයි

හිමි බැතියයි 

මා සිත පාරයි

ආදරයයි


මගෙ හිමියටයි 

හුදු ආලයටයි 

කොහොමද එකවර හිත දෙන්නේ නොයිඳුල් පෙම හා හිමි බැති සටනේ ඉරණම කෙලෙසද විසඳන්නේ

ඉරණම කෙලෙසද විසඳන්නේ


ආදරයයි කරුණාවයි

හිමි බැතියයි 

මා සිත පාරයි

ආදරයයි


ගායනය - රුක්මණී දේවි

පද - සරත් විමලවීර 

සංගීතය - සජාද් හුසේන්


1959 දී තිරගතවූ "දෛවයෝගය" චිත්‍රපටියේ ගීයකි.




ගීයේ සිනමා රූප රාමු

ආලෝකය හැම තැන පැතිරේ

ඕඕ... ඕ...

ඕ...


ආලෝකය හැම තැන පැතිරේ

මා පමණයි මහ ඝණ අඳුරේ


ඇයි ද අනේ මා කැටුව නොයා

පෙම් කුමරුනි ඔබ තනි මග ම ගියේ


ඕඕ... ඕඕ...


අවට ලොවේ සැනසීම තිබේ

මට පමණක් මේ කිම ද වුණේ ...//


ඔඔ ඔඔ ඕ... 

ඕ ඕ... 


ආලෝකය හැම තැන පැතිරේ

මා පමණයි මහ ඝණ අඳුරේ


ම⁣ට කණගාටූ අඳුරු කුණාටූ

මා වට කරගෙන ඇත්තේ ...//


රුවල කැඩේදෝ 

නැව හැප්පේදෝ

ගල් පරවල පෙම් මුහුදේ

ගල් පරවල පෙම් මුහුදේ

ඔඔ ඕ... ඔඔ ඔඔ ඕ... 

ඕ ඕ...


ආලෝකය හැම තැන පැතිරේ

මා පමණයි මහ ඝණ අඳුරේ

ඇයි ද අනේ මා කැටුව නොයා

පෙම් කුමරුනි ඔබ තනි මග ම ගියේ


ගායනය - රුක්මණී දේවි

පද - ධර්ම ශ්‍රී කුරුප්පු

සංගීතය - සජාද් හුසේන්


1959 දී තිරගතවූ "දෛවයෝගය" චිත්‍රපටියේ ගීයකි.




දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා දොයි දොයි


දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා


මගෙ පුතුට කොකුම්

පිනි දියර සඳුන්

සඳ දෙවිඳු ගෙනත් දෙනවා

රස සිහින ගලා ගෙන එයි


දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා


මල් පොකුරු සලා

එන සිඟිති සිනා

පොඩි සිඟිති තොලේ තවරා

මුදු සිහිල් සුළං රැල් එයි


දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා


හෙළ වීර පුතුන්

යුද වැදුණු කලට

කඩු සමග සුරත් ලෙලදෙයි

නද අහස් තලේ පැතිරෙයි ....//


ඒ හඬට ගැටෙන සුරඟනන් දෙපා

මිණි කිකිණි හඬද පැතිරෙයි

හෙළදිවේ තොටිලි පැදවෙයි

මගෙ පුතා එයින් නැළැවෙයි

මගෙ පුතා එයින් නැළැවෙයි


දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා දොයි දොයි

දොයි දොයිය පුතා

දොයි දොයිය පුතා

දොයි දොයිය පුතා

දොයි දොයිය පුතා


ගායනය - රුක්මණී දේවි

පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

සංගීතය - සජාද් හුසේන්


1959 දී තිරගතවූ "දෛවයෝගය" චිත්‍රපටියේ ගීයකි.




ගීයේ සිනමා රූප රාමු


Saturday, September 12, 2026

"මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ ගීත



"මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ වැඩ නිමවා මෙරට ප්‍රදර්ශනයට මුදා හැරුණෙ 1959 පෙබරවාරි 20 වැනිදා.

එය සිංහල සිනමා වංශකථාවේ 58 වැනි චිත්‍රපටියයි.

ඩී.වී. සෙනෙවිරත්නයන්ගේ "මා ආලය කළ තරුණිය" නමැති නවකථාවයි "මා ආලේ කළ තරුණිය" ලෙස චිත්‍රපටියකට නැඟුණේ.


නිෂ්පාදන තොරතුරු ගැන "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා වීඩියෝවක් ගෙන එන නිසා මා චිත්‍රපටියේ ඇතුළත්වූ ගීත වෙතට ⁣ඔබව කැඳවා ගෙන යනවා.


ගීත නවයක් අඩංගු වුණා චිත්‍රපටියට.

සංගීත අධ්‍යක්ෂණය කළේ ෂෙල්ටන් ප්‍රේමරත්න. ගීත ප්‍රබන්ධ කලේ සිරිසේන විමලවීර.


මේ ගී වල නාමය මත ක්ලික් කිරීමෙන් "ගී අරණ" අඩවියේ  ඇති ඒ ගීයේ කේවල පළකිරීම වෙත යොමුවිය හැකියි. ගීයේ වැඩිමනත් විස්තර ඇතුළත් වන්නේ එහිය.


1. ප්‍රහේලිකාවක් වගේය ලෝකේ


ගායනය - සිසිර සේනාරත්න




ගීයේ සිනමා රූප රාමු


2. පුන් සඳ පායා රන්තරු අහසේ


ගායනය - හරූන් ලන්ත්‍රා සහ ජී.එස්.බී. රාණි පෙරේරා


1959 දී භාරතයේ තිරගතවූ Dil Deke Dekho චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ, Dil Deke Dekho Dil Deke Dekho යන ගීයෙන් තනුව උපුටා ගත් බව පැහැදිලිය.
මේ තනුවට නිර්මාණයවූ ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගායනා කළ, Dekho Kasam Se Kahate Hain Tum Se නම් ගීයක් ද තිබෙනවා Tumsa Nahin Dekha (1957) චිත්‍රපටියේ.




සිංහල ගීයේ සිනමා රූප රාමු.


මේ තනුවටම ගැයෙන තවත් සිංහල ගීයකි "මං පොඩි කාලේ දක්කට පස්සේ දැක්කෙ අදයි ඔයා" මේ අඩවියේ එම ගීයද තනුව පිළිබඳ විස්තර ද ඇතුළත් ය. මෙතනින් ඊට පිවිසිය හැක.



ගායනය - ඉන්ද්‍රාණි සේනාරත්න
(එවකට ඉන්ද්‍රාණි විජේබණ්ඩාර)



ගීයේ සිනමා රූප රාමු



ගායනය - මාලිනී සුරවීර සමග සහාය ගායක

මේ චිත්‍රපටියේ ගී එකක්වත් තැටියට නැඟුනේ නැත.

යම් පමණකට සුරැකුණු සිනමා සේයා පටයෙන් උකහා ගෙන සංරක්ෂණය කර ඇති ගීයකි අද අපට ශ්‍රවණට ඇත්තේ.





ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග හරූන් ලන්ත්‍රා




ගායනය - මොහිදීන් බෙග්

හින්දි ගී තනුවකි.



(නාමාවලිය සමග වාදනය වේ)

ගායනය - දයා නෙල්ලම්පිටිය සමග දේවානන්ද වෛද්‍යසේකර



"මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ තවත් ගී දෙකක් ඇත.
එහෙත් එම ගී දෙක ඔබට ශ්‍රවණය සඳහා ඉදිරිපත් කළ නොහැක්කේ "හඬ" මුසු ගීයේ සුරැකුමක් නොමැති බැවිනි.

එම ගී දෙක මෙසේය..

8. කලාකාරයෙක් නේ (ප්‍රජාතන්තරේ)

ගායනය - සිසිර සේනාරත්න

9. ඕඩි හෙලෙයි
(පෙම් සයුරේ රැල්ල හැපී)

ගායනය - මොහිදීන් බෙග්

"මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව ඔබ වෙත ඉදිරිපත් කරන්නේ "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා.
එතුමාට "ගී අරණ" අඩවියේ ස්තුතිය.

Friday, September 11, 2026

ඈත පිටිසර මහ කැලෑවක

ඈත පිටිසර මහ කැලෑවක

ගහක අතු කොළ රිකිලි දාලා

තරුණ වයසට එළඹ ඒ ගස

නටන්නට වනි ඔමරි පාලා

හිතක් පපුවක් නැති ගහේ මැද 

හදවතක් ඒ කවුරු කෙටුව ද


ආදරෙන් මුසපත් වෙලා

ප්‍රේමයේ රස පෙන්නලා


ඒ අසල සිටි හාතවාරිය

වැලක් ඒ ගස දිහා බලලා

අඟර දාලා දඟර පාලා 

ඉමක් නැති පෙම් බස් දොඩාලා

ගොහින් බඩ ගා ඒ ගහේ කඳ 

වටේ එතුණිය පාට විඳ ගෙන


ආදරෙන් මුසපත් වෙලා

ප්‍රේමයේ රස පෙන්නලා


කලක් ගතවුණි වැලත් මේරුණි

මුළු ගසම දැන් වැලේ පැටලුණි

එයින් තෘප්තිය නොලත් එවැලට

අසල තිබි තව ගසක් හමුවුණි


සිව් සැටක් මායම් දමා

ඒ ගහෙත් වැල පැටලුණා


ආදරෙන් මුසපත් වෙලා

ප්‍රේමයේ රස පෙන්නලා


බොල් ගහේ කඳ මැද කොටා ගිය

හෘදවස්තුව ළඟම සිටි ඒ

වැලේ කටුවක් ඇණී හදවත

සිදුරු වී ඉන් රුධිරෙ ගැලුවේ


කාගෙ හදවත දෝ අනේ ඒ 

කවුද කෙටුවේ මේ වනේ


ආදරෙන් මුසපත් වෙලා

ප්‍රේමයේ රස පෙන්නලා


ජීව ශක්තිය පිරිහිලා ගිය

ගහේ කොළ අතු මැරී ⁣හේළුණි

කොහේ ඉඳලද කවුරු එව්වද

නොදත් සුළඟක් කොහෙන් ආවද


ගස් දෙකම බිම පෙරළුවා

වැල කැඩී සුළඟට ගියා


ආදරේ රඟ පෙන්නලා

ප්‍රේමයේ රස නංවලා


ගායනය - දයා නෙල්ලම්පිටිය සමග දේවානන්ද වෛද්‍යසේකර

පද - සිරිසේන විමලවීර

සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න


1959 දී තිරගතවූ "මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ ගීයකි.


මෙය නාමාවලිය හා පසුබිමෙන් වාදනය වන ගීයයි.




පාළු සිතේ සුළි

පාළු සිතේ සුළි නංවා ඇයි

ළපටි ළයක් කිති කැව්වේ


යෞවන පෙම් සිත පාරා ඇයි

පෙම් කැකුළක් නැටවෙව්වේ


චංචල සිත ඉඟි බිඟි පා 

අද නිශ්චල ගීත ගයන්නා

ඇයි ළපටි ළයක් කිති කැව්වේ 


යෞවන පෙම් සිත පාරා ඇයි

පෙම් කැකුළක් නැටවෙව්වේ


ගැහි ගැහි නැටවෙන හර්දේ

මගෙ ලැජ්ජාවෙන් ඔහෙ පැද්දේ ....//

ආලෙහි සංඥා සද්දේ එය

ආලෙහි සංඥා සද්දේ 


නව යෞවන පෙම් ලෝකේ 

ඇයි පෙම් කැකුළක් නැටවෙව්වේ


පාළු සිතේ සුළි නංවා ඇයි

ළපටි ළයක් කිති කැව්වේ


මිලන මධුර ගී නාදේ

දස අත රැව් පිළිරැව් දේ ....//

නිල් මිණි පෙම් තරු ඔප වී //


පාළු සිතේ සුළි නංවා ඇයි

ළපටි ළයක් කිති කැව්වේ

යෞවන පෙම් සිත පාරා ඇයි

පෙම් කැකුළක් නැටවෙව්වේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග හරූන් ලන්ත්‍රා 

පද - සිරිසේන විමලවීර

සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න


1959 දී තිරගතවූ "මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ ගීයකි.


Wednesday, September 9, 2026

නැසේවී තුන් දෙනෙක්

නැසේවී.... 

නැසේවී.... 

නැසේවී........

නැසේවී........

නැසේවී........


නැසේවී තුන් දෙනෙක් ලෝකේ

කළෝතින් දෙන්නෙකුට ආලේ

නොතේරී ඇයි මෙසේ දිව්වේ

එකෙක් හැර අන් කෙනෙක් පාරේ

නැසේවී තුන් දෙනෙක් ලෝකේ

කළෝතින් දෙන්නෙකුට ආලේ


කැඩීලා ඇල්ලු අත්තත් නෑ

පය ගැසූ අත්ත බිඳ වැටිලා

කැඩීලා....

අතරමං වී සසර කතරේ //

මිනී වළවල් තුනක් හාරා තබා

අවසන් නැටුම නැටුවා


නැසේවී තුන් දෙනෙක් ලෝකේ

කළෝතින් දෙන්නෙකුට ආලේ


ගැලීලා රූප තෘෂ්ණාවේ

දැවීලා  රාග ගින්නේ මේ


නැසේවී.... 


නැසේවී........


නැසේවී........


ගායනය - මොහිදීන් බෙග්

පද - සිරිසේන විමලවීර

සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න


1959 දී තිරගතවූ "මා ආලේ කළ තරුණිය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි ගී තනුවකි.