Tuesday, May 12, 2026

"සරදම්" චිත්‍රපටියේ ගීත



"සරදම්" චිත්‍රපටිය බොහෝ විවේචන වලට ලක්වූ චිත්‍රපටියක්.

"සැඩ සුළං" චිත්‍රපටිය ගෙන එමින් නමක්  දිනාගත් ටී. සෝමසේකරන්, "සරදම්" චිත්‍රපටියෙන් ඒ නමට හානි කර ගත් බවක් දිස්වෙනවා.

⁣ඒ පිළිබඳ ව මෙහි අවසානයේ රුවා ඇති වීඩියෝවෙන් තොරතුරු ගෙන එන නිසා, චිත්‍රපටියේ ඇතුළත් ගීත වෙත කෙලින්ම යොමු වෙනවා.

සුපුරුදු ලෙස එක එකක් ගීසදත වල නාමය මත ක්ලික් කිරීමෙන් අදාල ගීයේ කේවල පලකිරීමට යොමුවෙන්න පුළුවන්.

"සරදම්"  චිත්‍රපටිය, සිංහල සිනමා වංශකථාවේ 46 වැනි ඇසි-දිසි චිත්‍රපටියයි. එහි ගීත අටක් ඇතුළත් වුණා.

චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්ෂණය කළේ එස්. දක්ෂිණමූර්ති.

ගීත ප්‍රබන්ධය කරුණාරත්න අබේසේකර.

1. ජීවිතේ රස විඳලා

ගායනය - ජමුණා රාණි

1956 දී ඉන්දියාවේ තිරගතවූ "අමර දීපම්" දමිළ චිත්‍රපටියට ජික්කි ගැයූ "Jalilo jimkana" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් දමිළ ගීය


Song - Jalilo jimkana

Singer - Jikki (Pillavalu Gajapathy Krishnaveni)

Lyricist - Thanjai N. Ramaiah Dass

Music Composer - T. Chalapathi Rao

Movie - Amara Deepam (1956)





ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල

1954 දී තිරගතවූ "Vachan" චිත්‍රපටියට, ආශා බොන්ස්ලේ සහ මොහොමඩ් රාෆි ගැයූ, "Jab Liya Haath Mein Haath" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය

Sung by - Mohammed Rafi & Asha Bhosle
Lyricist - Prem Dhawan
Music & Composed By - Ravi
Movie - Vachan (1955)

වීඩියෝව කෘතිම වර්ණ ගැන්වීමකි.




ගායනය - ලතා වල්පොල

1954 දී තිරගතවූ "Nagin" චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ, "Man Dole Mera Tan Dole" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය

Singer - Lata Mangeshkar
Lyricist - Rajinder Krishan
Music & Composed By - Hemant Kumar
Movie - Nagin (1954)




ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගත්තකි.


ගීයේ සිනමා දර්ශන


ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල

1955 දී භාරතයේ තිරගතවූ Bahu හින්දි චිත්‍රපටියට ගීතා දත් සමග තලාත් මෙහ්මූද් ගායනා කළ Dekho Dekhi Ji Balam යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය


Song - Dekho Dekho Ji Balam

Singers - Geeta Ghosh Roy Chowdhuri (Geeta Dutt) & Talat Mahmood

Lyricist - Shamsul Huda Bihari (S. H. Bihari)

Music Composer: Hemanta Kumar Mukhopadhyay

Music Director: Hemanta Kumar 

Movie - Bahu (1955)





ගායනය - ඉන්ද්‍රානි මුදිතාදේවි සමග සුනිල් ප්‍රේමදාස

1956 දී භාරතයේ තිරගතවූ "අමර දීපම්" දමිළ චිත්‍රපටියට පී. සුශීලා  සමග ඒ.එම්. රාජා ගැයූ "Thaen Unnum Vandu" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




දමිළ ගීය

Singers : A. M. Rajah and P. Susheela

Lyricist - K. P. Kamatchi Sundharam

Music by - T. Chalapathi Rao and G. Ramanathan

Movie - Amara Deepam, 1956





ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල

"අහසේ සඳ සේ" ගීය, 1955 දී තිරගතවූ Tongawali චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සහ හේමන්ත් කුමාර් ගැයූ, "Halke Halke Chalo Sanware" ගීයේ අනුකරණයකි.



මෙම තනුවටම ගැයුණු සිංහල ගී කිහිපයක්ම ති⁣බේ.
ඉන් "පිවිතුරු මනහර ප්‍රේමෙ ශාන්ත වේ" යන ගීය මේ අඩවියේ වෙනත් තැනක ස්ථාපිතයි.
විස්තර සහිතව අහන්න මෙතනින් පිවිසෙන්න.

අනෙක් ගී ශ්‍රවනයට පමණක් ඉදිරිපත් කරමි. පහත ගී යුග්මයම ගැයුවේ ලතා වල්පොල මහත්මිය සමග ධර්මදාස වල්පොල මහතා.

1. මැණිකේ මැණිකේ



2. සයුරේ දියතේ



හින්දි ගීය

Song - Halke Halke Chalo Saanvare
Sung by - Hemant Kumar & Lata Mangeshkar
Lyricist - Prem Dhawan
Music & Composer  - Salil Chowdhury
Movie - Tongawali (1955)



"අහසේ සඳ සේ" ගීය ඉහත හින්දි ගීයේ අනුකරණයකි.

එහෙත් මේ ගී තනුව පිළිබඳව ඈතට ගිය කතාවක් තිබේ. එහෙයින් සිංහල ගීයේ කේවල පලකිරීමට අනිවාර්යයෙන්ම පිවිසෙන්න.


ගායනය - ජමුනා රාණී සහ ඒ.එම්. රාජා

සිංහල ගීය, 1956 දී භාරතයේ තිරගවූ Shrimati 420 හින්දි චිත්‍රපටියට ගීතා දත් සමග මොහොමඩ් රාෆි ගැයූ Yahan ham wahan tum යන ගීයේ අනුකරණයකි.



හින්දි ගීය

Song - Yahan ham wahan tum

Singers - Geeta Ghosh Roy Chowdhuri (Geeta Dutt) & Mohammed Rafi

Lyricist - Jan Nisar Akhtar

Music Composer: Omkar Prasad Nayyar

Movie - Shrimati 420 (1956)




ඉහත හින්දි ගීය නිර්මානයට ඕම්කාර් ප්‍රසාද් නයියර් යොදා ගත්තේ
මේ කාල වකවානුව වනවිට ලෝකයෙ මහත් ජනප්‍රිය ව තිබූ ගීයක තනුවයි. එම තනුව යොදාගෙන ගීත රැසක් බිහිවී තිබුණු  අතර වඩාත් ප්‍රසාදය දිනා ගත්තේ 1954 දී නිර්මානය වූ The Gaylords ගායනා කළ The Little Shoemaker නම් ගීයයි. එම ගීය ද නිර්මානය වන්නේ 1953 දී නිර්මානය වූ ප්‍රංස ගීයක් වූ  "Le petit cordonnier" ගීයේ තනුවටයි. 

මේ තොරතුරු සිංහල ගීයේ (ප්‍රීතියෙන් සතුටින්) කේවල පලකිරීමෙහි අඩංගු කර ඇත.

"සරදම්" සිංහල චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව.

මෙය ඔබ වෙත ගෙන එන්නේ "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතායි.
එතුමාට "ගී අරණ" අඩවියේ ස්තුතිය.

No comments: