Sunday, May 10, 2026

"සුකුමලී" චිත්‍රපටියේ ගීත



"සුකුමලී" චිත්‍රපටිය සිංහල සිනමා වංශකථාවේ 45 වැනි ඇසි-දිසි (කතානාද) චිත්‍රපටියයි.

මේ චිත්‍රපටිය ගැන පවතිනා වාර්තා තරමක් ව්‍යාකූලයි. පැහැදිලි සැලැස්මක නොපිහිටා නිෂ්පාදනය වූවක් බව පෙනෙන්නට තිබේ.

නිෂ්පාදනයට අදාල විස්තර ගෙන එන වීඩියෝවක් මෙම පලකිරීමේ අඩියේ තබා ඇති නිසා ඇතුළත්වූ ගීත වෙත පිවිසෙමු.

සටහන:

ගෙන එන එක එකක් ගී වඩා විස්තර සහිතව එම ගීයේ කේවල පලකිරීම තුළ දක්වා තිබෙනවා. ගීයේ නාමය (Title) මත ක්ලික් කිරීමෙන් එම අදාල කේවල පලකිරීමට පිවිසිය හැක.

1. ජුම් ජුම් ජොලේ

ගායනය - ජමුණා රාණි
පද - විනීත් ජයසූරිය සහ ජේ.පී. රාජපක්ෂ
සංගීතය - පී.එස්. දිවාකර්

1958 දී භාරතයේ තිරගතවූ Baghi Sipahi හින්දි චිත්‍රපටියට ආශා බෝස්ලේ සහ මන්නාඩේ ඇතුළු පිරිස ගායනා කළ Chinchan Pappulu Chhui Mui Mai Chhu Na Lena Mujhe යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




ගීයේ සිනමා දර්ශන


තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Chinchan Pappulu Chhui Mui Mai Chhu Na Lena Mujhe

Singers - Manna Dey, Asha Bhonsle & Chorus

Lyricist - Shailendra

Music Composer - Shankar Jaikishan

Movie - Baghi Sipahi (1958)





ගායනය - ලතා වල්පොල
පද රචනය - විනීත් ජයසූරිය

1953 දී භාරතයේ තිරගතවූ Chacha Chaudhary හින්දි චිත්‍රපටියට, ආශා බෝස්ලේ ගායනා කළ Mori Chham Chham O Chham Baje Payal යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



ගීයේ සිනමා දර්ශන



තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Mori Chham Chham O Chham Baje Payal

Singer - Asha Bhosle

Lyricist - Rajinder Krishan

Music Composer - Madan Mohan

Movie - Chacha Chaudhary (1953)





ගායනය - ලතා වල්පොල
පද රචනය - හර්බට්.එම්. සෙනෙවිරත්න
සංගීතය - පී.එස්. දිවාකර්

තනුව ද්‍රවිඪ හෝ හින්දි ගීයකින් උපුටා ගත්තකි.


ගීයේ සිනමා දර්ශන




ගායනය - ලතා වල්පොල
පද රචනය - විනීත් ජයසූරිය
සංගීතය - පී.එස්. දිවාකර්

තනුව ද්‍රවිඪ ගීයකින් උපුටා ගත්තකි.


ගීයේ සිනමා දර්ශන




ගායනය - ජානකී සමග ඒ.එම්. රාජා

පද - විනීත් ජයසූරිය

සංගීතය - පී.එස්. දිවාකර්


හින්දි හෝ දෙමළ ගීයක අනුකරණයකි. තොරතුරු සොයා ගැනීම අසීරුයි.


මෙහි දක්වා ඇති පදමාලාවෙන් කොටසක් පමණි ඉදිරිපත් කර ඇති ගීයෙන් ගැයෙන්නේ.





ගායනය - මොහිදීන් බෙග්

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

සංගීතය - පී.එස්. දිවාකර්


හින්දි හෝ ද්‍රවිඪ ගීයක අනුකරණයකි.




ගීයේ සිනමා දර්ශන


7. භාග්‍යවතී මා

ගායනය - ජමුණා රාණි

පද - ජේ.පී. රාජපක්ෂ

සංගීතය - පී.එස්. දිවාකර්


හින්දි හෝ දමිළ ගීයක අනුකරණයකි.





ගායනය - ජමුනා රාණි සමග ඒ.එම්. රාජා

පද - විනීත් ජයසූරිය

තනුව - සචින් දේව් බර්මන්

සංගීතය - පී.එස්. දිවාකර්


1952 දී භාරතයේ තිරගතවූ Jaal හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ "Soch Samjh Kar Dil Ko Lagana" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




ගීයේ සිනමා රූප රාමු..


තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Soch Samajh Kar Dil Ko Lagana

Singer - Geeta Dutt (Geeta Ghosh Roy Chowdhuri)

Song Lyricist - Sahir Ludhianvi

Music Composer - Sachin Dev Burman

Movie - Jaal (1952)




9. ආලෝකේ දේවී හර්දේ

ගායනය - ලතා වල්පොල

මෙම ගීයේ සංරක්ෂිත හඬ ගබඩාකරණයක් නොමැති නිසා ඉදිරිපත් කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.

"සුකුමලී" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව.

සුපුරුදු ලෙස මෙම තොරතුරු ගෙන එන්නේ "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතායි.
"ගී අරණ" අඩවියේ ස්තුතිය එතුමාට.

No comments: