Monday, July 6, 2026

"වනලිය" චිත්‍රපටියේ ගීත

"වනලිය" සිංහල සිනමා ඉතිහාසයට එකතුවන්නේ 49 වැනි සිංහල ඇසි-දිසි චිත්‍රපටිය ලෙසයි.

එය බී.ඒ.ඩබ්. ජයමාන්න විසින් මෙරටදී රූගත කරන්නට යෙදුණු ඔහුගේ පළමු චිත්‍රපටියයි.

"මිනල් කොඩි" නම් දමිළ චිත්‍රපටියේ කතාව ඇසුරින් ඔහු මේ චිත්‍රපටියට තිර පිටපත සකස් කර ඇත.

මේ තාක් ඔහු විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු චිත්‍රපටි හැම එකක්ම දකුණු ඉන්දියාවේ චිත්‍රාගාර වල දී සිදු වූවත්, මෙම චිත්‍රපටිය සිලෝන් තියටර්ස් සමාගම නාරාහේන්පිට ආරම්භ කළ 'ලංකා චිත්‍රාගාරයේ' නිෂ්පාදනය විය.

ඒ අනුව ලංකා චිත්‍රාගාරයේ පළමු නිෂ්පාදනය වූයේ "වනලිය" චිත්‍රපටියයි.

1958 වසරේ පෙබරවාරි 24 වැනිදා එය මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් කෙරුණි.

සංගීත අධ්‍යක්ෂණය ආර්.ඒ. චන්ද්‍රසේන.

චිත්‍රපටියට ගීත 10 ක් ඇතුළත් වුණා.

අපි යොමුවෙමු ඒ ගීත වලට.

මේ ගී වල "නාමය" මත ක්ලික් කිරීමෙන් එම ගීයේ "ගී අරණ" අඩවියේ ස්ථාපිත කේවල ඉදිරිපත් කිරීම වෙත යොමු විය හැකියි. වැඩි විස්තර අඩංගු වන්නේ එම කේවල පළකිරීම තුළ බව සලකන්න.

සියලුම ගී වල පද රචනය ඒ.ජේ. ද සොයිසා වෙතිනි.

1. සංසාරෙ දුකකී
(ආලෝකේ නසිනා)

ගායනය - මොහිදීන් බෙග්

හින්දි හෝ දමිළ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.




ගායනය - මේබල් බ්ලයිත් සහ ෂර්ලි බ්ලයිත්

1955 දී භාරතයේ තිරගතවූ Mr. & Mrs. 55 හින්දි චිත්‍රපටියට ගීතා දත් සමග මොහොමඩ් රාෆි ගැයූ Jaane Kahan Mera Jigar Gaya යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය

Song - Jaane Kahan Mera Jigar Gaya

Singers - Geeta Ghosh Roy Chowdhuri (Geeta Dutt) & Mohammed Rafi

Lyricist - Majrooh Sultanpuri

Music Composer- Omkar Prasad Nayyar

Movie - Mr. & Mrs. '55 (1955)




3. මවා ගිනි දැල්

ගායනය - ග්‍රේස් ජයමාන්න

මෙම ගීයේ සංරක්ෂිත ශ්‍රව්‍ය ගීයක් සොයා ගත නොහැක.


ගායනය - මොහිදීන් බෙග්

හින්දි හෝ දමිළ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.




ගායනය - ෂර්ලි බ්ලයිත්

හින්දි හෝ දමිළ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.




ගායනය - ෂර්ලි බ්ලයිත්

හින්දි හෝ දමිළ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.





ගායනය - සමූහ ගායනයකි.

ගායනයට එක්වුණා

ආර්.ඒ. චන්දුසේන, මොහිදීන් බෙග්, ග්‍රේස් ජයමාන්න සහ බ්ලයිත් සොයුරියෝ





ගායනය - ෂර්ලි බ්ලයිත්

1951 දී භාරතයේ තිරගතවූ Khazana හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ Karde Zara Ishara ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Song - Kar De Jara Ishara

Singer - Lata Mangeshkar

Lyricist - Rajinder Krishan

Composer - Chitalkar Ramchandra

Movie - Khazana (1951)



9. වාසි වුණා මෙදා සැරේ

ගායනය - ෂර්ලි බ්ලයිත්

මෙම ගීයේ සංරක්ෂිත ශ්‍රව්‍ය ගීයක් සොයා ගත නොහැක.


ගායනය - ⁣මේබල් බ්ලයිත්

1951 දී භාරතයේ තිරගතවූ Khazana හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ Karde Zara Ishara ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Song - Aa Teri Tasveer Bana Loon

Singer - Talat Mahmood

Lyricist - Pyarelal Santoshi

Music Composer - Chic Chocolate (Antonio Xavier Vaz)

Movie - Nadaan (1951)




"වනලිය" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව අදත් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතායි.

No comments: