Tuesday, March 3, 2026

"සුරතලී" චිත්‍රපටියේ ගීත



සිංහල සිනමා වංශකථාවේ 37 වැනි ඇසි-දිසි චිත්‍රපටියයි, "සුරතලී".

1956 සැප්තැම්බර් 19 වැනිදා සිට මේ චිත්‍රපටිය සිනමාහල් වල ප්‍රදර්ශනය වුණා.

1949 වසරේ භාරතයේ තිරගතවූ "බර්සාත්" හින්දි චිත්‍රපටියේ වූ කතාව ඇසුරෙනුයි "සුරතලී" චිත්‍රපටි කතාව ලියැවුණේ.

එච්.ආර්. ජෝතිපාල නම් පසු කලෙක මෙරට ජනප්‍රියම ගායකයා, චිත්‍රපට පසුබිම් ගායනයෙන් දොරට වඩින්නේ මේ "සුරතලී" චිත්‍රපටියෙන්.

තවත් හඳුන්වාදීම් රැසක්ම තියෙනවා. 

චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝවක් මේ පලකිරීම අග දී ඉදිරිපත් කරන නිසා මා චිත්‍රපටියේ අඩංගු වූ ගීත වලට යොමු වෙනවා.

සටහන:

මෙහි ඇතුළත් ගී වල 'නාමය' මත ක්ලික් කිරීමෙන් "ගී අරණ" අඩවියේ එකී ගීයේ කේවල පලකිරීමට යොමු විය හැකි අතර, ගීයේ වැඩිමනත් විස්තර ඇතුළත් වන්නේ එහි බව සඳහන් කරනවා.

1. උදා වේවි හිරු දෙව්

ගායනය - ධර්මදාස වල්පොල

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

තනුව - ඕ.පී. නයියර්

සංගීතය - ටී.ආර්. පාපා


1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.


1953 දී භාරතයේ තිරගතවූ Baaz හින්දි චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගැයූ "Mujhe Dekho Hasrat Ki" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

Song - Mujhe dekho hasrat ki

Singer- Talat Mahmood

Lyricist - Majrooh Sultanpuri

Music Director - Omkar Prasad Nayyar

Movie - Baaz (1953)





ගායනය - ස්වර්ණා අබේරත්න

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

තනුව - මදන් මෝහන්

සංගීතය - ටී. ආර්. පාපා


1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.


මෙම ගීය සඳහා තනුව ලබාගෙන ඇත්තේ, 1954 දී භාරතයේ තිරගතවූ "මස්තානා" හින්දි චිත්‍රපටියට, කිශෝර් කුමාර් සහ ශම්ෂාඩ් බෙගම් ගායනා කළ   

Kanwaro Ka Bhi Duniya Me Khuda Hota To Kya Hota යන ගීයෙන් බව පැහැදිලිය.




හින්දි ගීය

Song - Kanwaro Ka Bhi Duniya Me Khuda Hota To Kya Hota

Singers - Kishore Kumar, Shamshad Begum

Lyricist - Rajendra Krishan

Music Composer - Madan Mohan Kohli

Movie - Mastana (1954)





ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ පිරිස

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


මෙම ගීයේ තනුව නිර්මානය කර ගැනීමට 1954 දී තිරගතවූ "මස්තානා" හින්දි චිත්‍රපටියට කිශෝර් කුමාර්, මොහොමඩ් රාෆි හා ශම්ෂාඩ් බෙගම් ගැයූ Naache More Angana Me යන ගීයේ අඩංගු නාද මාලා ඉවහල් කරගෙන ඇති බව පෙනේ.




අදාල හින්දි ගීය

Song - Tiki Chauki Panji Chhakki (Naache More Angana Me)

Singers - Kishore Kumar, Mohammed Rafi & Shamshad Begum

Lyricist - Rajendra Krishan

Music Composer - Madan Mohan Kohli

Movie - Mastana (1954





ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.


තනුව ඉන්දියානු චිත්‍රපටි ගීයකින් උපුටා ගන්නට ඇත.


"ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ ඉහත ගීය මෙසේ ස්ථාපිතයි.



5. 
සාධු ශ්‍රී මේ ලෝ හී පතුරා

ගායනය - ධර්මදාස වල්පොල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - අවිනාශ් ව්‍යාස්
සංගීතය - ටී.ආර්. පාපා

1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.

1954 දී තිරගතවූ "මහා පූජා" චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගායනා කළ, 
"Kahe Ko Bisara Satnaam" යන භජන් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



භජන් ගීය

Song - Kaahe ko bisara sat naam
Singer - Talat Mahmood
Lyricist - Ramesh Gupta
Composer - Avinash Vyas
Movie - Maha Puja (1954)


මෙම තනුවට වූ දෙමළ චිත්‍රපටි ගීයක් තියෙනවා. 1956 දී තිරගතවූ Rambaiyin Kaadhal නම් වූ එම චිත්‍රපටියට Seerkazhi Govindarajan ගායනා කළ දෙමළ ගීයට, සංගීතය සැපයූයේ ද "සාධු ශ්‍රී" ගීයට සංගීතය සැපයූයේ ද, ටී.ආර්. පාපා නම් දකුණු ඉන්දියානු සංගීත අධ්‍යක්ෂක විසින්මයි.

මෙන්න ඒ දෙමළ ගීය

Song  - Samarasam Ulaavum Idame
Singer - Seerkazhi Govindarajan
Lyricist- A. Maruthakasi
Music - T.R. Pappa




ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී.ආර්. පාපා

1956 වසරේදී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.
ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1955 වසරේ භාරතයේදී තිරගතවූ "ජනක් ජනක් පායල් බාජේ" නම් වූ හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග හේමන්ත් කුමාර් ගැයූ "Nain Se Nain" යන ගීයෙනි.



හින්දි ගීය

Song - Aasai Pongum Azhagu Roopam
Singers - AM Raja & Jikki
Music Composer - TR Papa 
Lyricist - Udumalai Narayana Kavi, A Maruthakasi and KP Kamatchisundaram



මෙම ගී තනුවම යොදා ගනිමින් 1956  වසරේ තිරගතවූ "දෛව විපාකය" චිත්‍රපටියට ද ගීයක් නිර්මානය වුණා.

"නීල අහස" ලෙස නම් වූ ඒ ගීය  ගැයුවේ ෂර්ලි බ්ලයිත්.

ගායනය - ෂර්ලි බ්ලයිත්
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - වසන්ත් දේසායි
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1956 වසරේ තිරගතවූ "දෙෙව විපාකය" චිත්‍රපටියේ ගීයකි.




ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ ධර්මදාස වල්පොල ඇතුළු පිරිස

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.


තනුව ඉන්දියාවේ නිෂ්පාදිත චිත්‍රපටියකින් උපුටා ගත්තකි. එය බොහෝ විට මලයාලම් චිත්‍රපටියකින් විය හැක.


⁣තොරතුරු සොයා යෑම සිදුවේ. තහවුරු කර ගත් විට ඉදිරිපත් කරන්නෙමි.



ගී "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මේ ගීය මෙලෙස ස්ථාපිතයි.




ගායනය - ධර්මදාස වල්පොල
පද - ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව - සී. රාමචන්ද්‍ර
සංගීතය: ටී.ආර්. පාපා

1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.

1955 දී භාරතයේ තිරගතවූ "Yasmin" චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගැයූ "Bechain Nazar Betab Jigar" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Song - Bechain nazar betaab jigar
Singer - Talat Mahmood
Lyricist - Jan Nisar Akhtar
Composer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)
Movie - Yasmin (1955)




ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීත අධ්‍යක්‍ෂණය – ටී.ආර්. පාපා
1956 දී තිරගත වූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.
එච්. ආර්. ජෝතිපාල මහතාගේ පළමු චිත්‍රපට පසුබිම් ගීතයයි.
මෙහි පලකර ඇත්තේ මුල් ගීයයි.

1954 දී තිරගත වූ "මස්තානා" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "දුනියා කේ සාරේ ගමොන් සේ බෙගානා" (DuniyaKe Saare Ghamon Se Begaanaගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Song - Duniya Ke Saare Ghamon Se Begaana
Singer - Mohammad Rafi
Lyricist - Rajinder Krishan
Composer - Madan Mohan
Movie - Mastana 1954




ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ පිරිස

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.


තනුව හින්දි හෝ වෙනත් ඉනදීය සිනමා කෘතියක ගීයකින් උපුටා ගැනුණු එකකි.


"ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මේ ගීය මෙලෙස ස්ථාපිතයි.




ගායනය - ධර්මදාස වල්පොල

පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා

සංගීතය - ටී.ආර්. පාපා


1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.


තනුව ඉන්දීය සිනමා කෘතියක ගීයකින් උපුටා ගන්නට ඇත.





ගායනය - ස්වර්ණා අබේරත්න සහ එච්.ආර්. ජෝතිපාල
පද - ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
සංගීතය - ටී.ආර්. පාපා

1956 දී තිරගතවූ "සුරතලී" චිත්‍රපටියේ ගීයකි.

(චිත්‍රපට පසුබිම් ගායනයේ ජෝති ගේ දෙවන  ගීය.)


හින්දි ගීතය

Song - Thoda sa dil laga ke dekh

Singers - Mohammed Rafi & Shamshad Begum

Lyricist - Majrooh Sultanpuri

Music Composer - Omkar Prasad Nayyar

Movie - Musafir Khana (1955)




"සුරතලී" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතාය.

එතුමාට මගේ ⁣ගෞරවනීය කෘතඥතාව.

No comments: