Saturday, July 25, 2026

දෙයියන්නෙ රටේ චිත්‍රපටියේ ගීත



ඩබ්.ඒ. සිල්වාගේ "දෙයියන්නෙ රටේ" නවකථාව එනමින්ම 1958 දී සිනමාවට නැඟුනේ සිංහල සිනමා වංශකථාවේ 51 වැනි ඇසි-දිසි චිත්‍රපටිය ලෙසයි.


චිත්‍රපටියේ නිෂ්පාදනය සම්බන්ධව වීඩියෝවක් ඉදිරිපත් කරන නිසා මා ⁣ඔබව කෙළින්ම කැඳවා ගෙන යනවා චිත්‍රපටියේ ගීත වෙත.


චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය පී.එල්.ඒ. සෝමපාල වෙතින් සිදුවුණා.

සියලුම ගීත ප්‍රබන්ධ කළේ කරුණාරත්න අබේසේකර. 


ඇතුළත් වූ ගීත 10 ම ජනප්‍රිය වුණා.


කොලුම්බියා තැටි අංක GES 1043 සිට GES 1047 දක්වා තැටි ගත වූ ගීත කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ දී නිමවුණා.


මේ ඉදිරිපත් කරන එක එකක් ගී වල වැඩිමනත් තොරතුරු අන්තර්ගත වෙන්නෙ "ගී අරණ" අඩවියේ.

ගීයේ නාමය මත ක්ලික් කිරීමෙන් එහි කේවල පළකිරීමට යොමුවෙන්න පුළුවන්.


1. හිම බිම පාලන සුරිඳේ


ගායනය - මොහිදීන් බෙග්




ගී⁣යේ සිනමා රූප රාමු..


තනුව උපුටා ගත් හින්දි ගීතය

Movie - Lakshmi Pooja (1957)






ගායනය - ඉන්ද්‍රාණි සේනාරත්න


මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1956 දී භාරතයේ තිරගතවූ Basant Bahar චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග මන්නා ඩේ ගායනා කළ Nain Mile Chain Kahaan යන ගීයෙනි.




ගීයේ සිනමා රූප රාමු


හින්දි චිත්‍රපටි ගීය


Song - Nain Mile Chain Kahaan

Singers - Lata Mangeskhar & Manna Dey

Lyricist - Shailendra (Shankardas Kesarilal Shailendra)

Composers - Shankar and Jaikishan



3. කෝලම් මේව තමා

ගායනය - ජෙනී වෙන්නප්පා

හින්දි ගී තනුවකි.




ගීයේ සිනමා රූප රාමු



ගායනය - එච්.ආර්. ජෝතිපාල

1957 දී තිරගත "ප්‍යාසා" (Pyaasa) චිත්‍රපටියට, මොහොමඩ් රාෆි විසින් ගයන ලද "සාර් ජෝ තේරා චකරායේ" ("Sar Jo Tera Chakaraye") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




"දෙයියන්නෙ රටේ" චිත්‍රපටියේ අදාල ගීයේ රූප රාමු. (අයිතිය ජාතික රූපවාහිනිය සතුයි)

 

හින්දි ගීය

Song - Sar jo tera chakraye
Singer - Mohammad Rafi
Music & Composed By - S.D. Burman
Lyricist - Sahir Ludhianvi
Movie - Pyaasa (1957)




ගායනය - ලතා වල්පොල, ධර්මදාස වල්පොල, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ඇතුළු පිරිස

1955 දී භාරතයේ තිරගතවූ Mr. & Mrs. 55 හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ "Thandi Hawa Kaali Ghata" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



ගීයේ සිනමා රූප රාමු...


තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Thandi hawa, kali ghata

Singer - Geeta Dutt

Lyricist - Majrooh Sultanpuri

Music Composer: Omkar Prasad Nayyar

Movie - Mr. & Mrs. '55 (1955)



ගායනය - ඇන්ජලින් ද ලැනරෝල් සමග සී.ටී. ප්‍රනාන්දු



මේ විරිදු ගායනයේ සිනමා රූප රාමු



ගායනය - මොහිදීන් බෙග්

1957 දී භාරතයේ තිරගතවූ "මිස් මේරි" හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ Yeh Mard Bade Dilsard Bade Bedard යන ගීයෙන් සිංහල ගීයට තනුව උපුටා ගෙන ඇත.

එම චිත්‍රපටිය තුළ මේ ගීය ලතා මංගෙස්කාර් විසින් ගායනා කරනු ලබන අවස්ථාවෙන් අනතුරුව රාෆි පිළිතුරු ගීය ගයන අවස්ථාව ඇතුළත් ය.




හින්දි චිත්‍රපටියේ ඇතුළත් වූ ගීත දෙක...

මින් පළමුවැන්න ලතා මංගෙස්කාර් ගායනා කළා (මීනා කුමාරි රඟපෑවා)

මෙන්න දර්ශන සහිත වීඩියෝව




මෙන්න මොහොමඩ් රාෆි (ජෙමිනි ගනේෂන් රඟපෑවා) ගායනා කළ පිළිතුරු ගීය



මෙන්න ගී ද්විත්වයට අදාළ කතෘත්වය හා තොරතුරු
Female Version yeh mard bade dil-sard bade be-dard
Singer - Lata Mangeskh

Male Version - yeh mard bade dil-sard bade
Singer - Mohammed Rafi

Lyricist - Rajinder Krishan
Music Composer - Hemant Kumar
Movie - Miss Mary (1957)
Starring - Meena Kumari & Gemini Ganesan

මෙන්න ගී ද්විත්වයම එකට



ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

1954 දී භාරතයේ තිරගතවූ Nastik හින්දි චිත්‍රපටිය⁣ට ලතා මංගෙස්කාර් ගායනා කළ Tere Phoolon Se Bhi යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


චිත්‍රපටියේ රූප රාමු

"මට ඔබ ද අගෙයි" ගීය "gee arana gee mee යූටියුබ් නාලිකාවේ මෙසේ ස්ථාපිතයි.




හින්දි ගීතය

Singer - Lata Mangeshkar

Lyricist - Pradeep (Ramchandra Narayanji Dwivedi)

Music Composer - C. Ramchandra

Movie - Nastik (1954)






ගායනය - අල්හාජ් මොහිදීන් බෙග් සමග ජී.එස්. බී. රාණී පෙරේරා

මෙම ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ 1957 දී භාරතයේ තිරගතවූ "දෝ රොටී" ප්‍රහසන හින්දි චිත්‍රපටියට සුමන් කල්‍යාන්පූර් සමග ශන්කර් දාස්ගුප්ත ගායනා කළ "Sunlo Aji Sunlo" යන ගීයෙනි.



චිත්‍රපටියේ රූප රාමු

හින්දි ගීතය

Singers - Shankar Dasgupta & Suman Kalyanpur
Lyricist - Khumar Barabankvi
Composer - Roshanlal Nagrath (Roshan)
Movie - Do Roti (1957)

හින්දි ගීය කඩතොළු සහිතය. දුර්වල වීඩියෝව වෙනුවට වඩා යහපත් එකක් රගෙන ඒමට උත්සාහ කරමි.



මෑතකදී, එනම් මීට වසර දෙකකටට පමණ ඉහත, සිංහල ගීය රසිකයින් අතර නැවත රැව් පිළිරැව් දුන්නා, අක්ක නගෝ දෙදෙනෙකු එය නව ආරෙකට ඉදිරිපත් කිරීම තුළ. 

මේ පහත තිබෙන්නේ මේ දෙදෙනා රියලිටි වැඩසටහනක කළ ඉදිරිප් කිරීම. වීඩියෝවේ පූර්ණ අයිතිය "සිරස" රූපවාහිනිය සතුය. නොමනා ලෙස යොදා නොගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.



ටයිනි පමුදිතා (අක්කා) සහ නවංජනා හිමංසි (නංගී) මේ ගීය නිසාම බොහෝ රූපවාහිනී වැඩසටහන් සඳහා කැඳවනු ලැබුවා.
"චරණ" රූපවාහිනියේ "යූත් ආ(ර්)ට් බීට් වැඩසටහනට වැඩ සටහනේ රූප රාමු ද ඉදිරිපත් කරන්නේ එම නාලිකාවට ස්තුතිය පිළිගන්වමින්.
අනිසි කටයුතු වල යොදා ගන්න එපා. බැගෑපත්ව ඉල්ලා සිටිනවා.



10. මොකටද කාසි බාගෙ හොයා තියා

ගායනය - මොහිදීන් බෙග් සහ පිරිස

මේ ගීය සඳහා පහත චිත්‍රපටි ගී ඛණ්ඩ වල නාද මාලා ද යොදා ගෙන ඇත.

"Zindagi Khwaab Hai" - Mukesh (Jagte Raho, 1956)


"Vaanga Machan Vaanga" - P. Leela (Madurari Veeran, 1956)

"Zindagi Khwaab Hai" - Mukesh (Jagte Raho, 1956)


"Vaanga Machan Vaanga" - P. Leela (Madurari Veeran, 1956)




ගීයේ සිනමා රූප රාමු...


මේ ගීය ඉහතාකාරයෙන් නිමවන්න ඇසුරු කර ගත් ගී දෙක මෙන්න.

1. "Zindagi Khwaab Hai" - Mukesh (Jagte Raho, 1956)




2. "Vaanga Machan Vaanga" - P. Leela (Madurari Veeran, 1956)



No comments: