Tuesday, October 6, 2026

"ශ්‍රී 296" චිත්‍රපටියේ ගීත



සිංහල සිනමා වංශකථාවේ 61 වැනි ඇසි-දිසි (කතානාද) චිත්‍රපටියයි "ශ්‍රී 296".


1959 වසරේ මැයි 20 වැනිදා එය මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් කෙරුණා.


මෙහි ඇතුළත් වූයේ 1956 ඉන්දියාවේ තිරගතවූ CID හින්දි චිත්‍රපටියේ කථා සාරයයි.


ශ්‍රී චිත්‍රපට සමාගම නිෂ්පාදනය කළ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ ප්‍රේම්නාත් මොරායස්.


සංගීත අධ්‍යක්ෂණය පී.එල්.ඒ. සෝමපාල.

ගීත ප්‍රබන්ධ කළා තිදෙනෙක්.

ඒ කරුණාරත්න අබේසේකර, ගුණරත්න අබේසේකර යන දෙසොහොයුරන් හා  චිත්‍රානන්ද අබේසේකර.


ගී තැටි HMV WN 658 සිට 663 දක්වා


සියලුම ගීත හින්දි ගීත වලින් උපුටා ගත් ඒවා.


මේ පළකිරීමේ අග චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝවක් සුපුරුදු පරිදි එක් කර තිබෙනවා.


අපි යමු ඇතුළත් වූ ගීත වෙත.


(ගීයේ නාමය [Title] මත ක්ලික් කිරීමෙන්, "ගී අරණ" අඩවියේ ඇති එකී ගීයේ කේවල පළකිරීම ට යොමු විය හැක.)


1. වැඩිය හොඳ නරකයි නේ ලෝකේ


ගායනය - මොහිදීන් බෙග්
පද - චිත්‍රානන්ද අබේසේකර

තනුව - නෞෂාද් අලි


1957 දී තිරගතවූ "මදර් ඉන්ඩියා" හින්දි චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ "Chundariya Katati Jaye" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය


Singer - Manna Dey

Lyricist - Shakeel Badayuni

Music Composer - Naushad Ali

Movie - Mother India (1957)




2.
මං ආවා මං ආවා


ගායනය - එච්.ආර්. ජෝතිපාල

පද - චිත්‍රානන්ද අබේසේකර

තනුව - රෝෂන්ලාල් නාග්රාත්

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1958 දී භාරතයේ තිරගතවූ "Aji Bas Shukriya" චිත්‍රපටියට මොහොමඩ් රාෆි සහ ආශා බෝස්ලේ ගැයූ "O Daata O Daata" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - O data o data
Singers - Asha Bhosle & Mohammed Rafi
Lyricist - Prem Dhawan
Composer - Roshanlal Nagrath
Movie - Aji Bas Shukriya 1958




ගායනය - ලතා වල්පොල
පද - චිත්‍රානන්ද අබේසේකර

1958 දී තිරගතවූ "Howrah Bridge" චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ, "Mera Naam Chin Chin Choo" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීතය

Singer - Geeta Dutt
Lyricist - Qamar Jalalabadi
Music/ Composer - O.P. Nayyar
Movie - Howrah Bridge (1958)




ගායනය - ඉන්ද්‍රාණි වජේබණ්ඩාර

පද - චිත්‍රානන්ද අබේසේකර

තනුව - වසන්ත් දේසායි


1957 දී තිරගතවූ "Do Aankhen Bara Haath" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Main Gaun, Tu Chup Ho Ja" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Singer - Lata Mangeshkar

Lyricists - Bharat Vyas

Music Composer - Vasant Desai

Movie - Do Ankhen Barah Haath (1957)





ගායනය - ඉන්ද්‍රානි සේනාරත්න සමග එච්.ආර්. ජෝතිපාල
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - ඕ.පී. නයියාර්

1958 දී තිරගතවූ "Howrah Bridge" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග මොහොමඩ් රාෆි ගැයූ "Dekh keteri nazar" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීතය

Singers - Asha Bhosale & Mohammad Rafi
Lyricist - Qamar Jalalabadi
Composer - O.P. Nayyar
Movie - Howrah Bridge (1958)




ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - කරුණාරත්න අබේසේකර

1957 දී තිරගතවූ "12 O'Clock" චිත්‍රපටියට මොහොමඩ් රාෆි හා ගීතා දත් ගායනා කළ, "Tum Jo Huye Mere Humsafar" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් හින්දි ගීතය

Singers - Mohammed Rafi & Geeta Dutt
Lyricist - Majrooh Sultanpuri
Music/ Composer -  O.P. Nayyar
Movie - 12 O' Clock (1958)




ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - චිත්‍රානන්ද අබේසේකර

තනුව - හින්දි හෝ දමිළ ගීයකිනි.




ගීය "ගී අරණ ගී මී" යූටියුබ් නාලිකාවේ මෙලෙසින් ස්ථාපිතයි.



ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - චිත්‍රානන්ද අබේසේකර

තනුව - හින්දි හෝ දමිළ ගී තනුවකි.




ගීය "ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවේ මෙලෙසින් ස්ථාපිතයි.




ගායනය - ඉන්ද්‍රාණි වජේබණ්ඩාර

පද - ගුණරත්න අබේසේකර

තනුව - හින්දි


1958 දී භාරතයේ තිරගතවූ Detective හින්දි චිත්‍රපටියට ගීතා දත් සමග මොහොමඩ් රාෆි ගැයූ Kal talak hum thik tha යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Singers: Geeta Ghosh Roy Chowdhuri (Geeta Dutt), Mohammed Rafi

Lyricists: Shailendra (Shankardas Kesarilal)

Music Composer: Mukul Roy

Movie/album: Detective





ගායනය - ඉන්ද්‍රාණි විජේබණ්ඩාර

පද - චිත්‍රානන්ද අබේසේකර

තනුව - චිත්‍රගුප්ත්


1958 දී භාරතයේ තිරගතවූ Taxi Stand හින්දි චිත්‍රපටියට ආශා බෝස්ලේ ගායනා කළ Yeh Hawa Yeh Fiza Yeh Sama යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Song -- Yeh Hawa Yeh Fiza Yeh Sama

Singer - Asha Bhosle

Lyricist - Majrooh Sultanpuri

Music - Chitragupt (Chitragupta Shrivastava)

Movie - Taxi Stand (1958)





ගායනය - මොහිදීන් බෙග්

පද - කරුණාරත්න අබේසේකර

තනුව - Kalyanji Virji Shah


1958 දී භාරතයේ තිරගතවූ Post Box 999 හින්දි චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ Jogi aaya leke sandesha bhagwan ka යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය

Singer - Prabodh Chandra Dey (Manna Dey)

Lyricist - Pyarelal Shrivasta (P. L. Santoshi

Music Composer - Kalyanji Virji Shah

Movie - Post Box 999





ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සචින් දේව් බර්මන්
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල

ගීයට තනුව උපුටා ගැනුණේ 1955 දී භාරතයේ තිරගතවූ "Munimji" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, Naina khoye khoye tere dil me යන ගීයෙනි.



තනුව උපුටා ගත් හින්දි ගීතය

Singer - Lata Mangeshkar
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Composer - Sachin Dev Burman
Movie - Munimji (1955)



"ශ්‍රී 296" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව...

මෙය අදත් ඔබ වෙත ගෙන එන්නේ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතායි.

ගැටලුවක් වෙතොත් පහත යොමුවෙන් පිවිසෙන්න.

https://youtu.be/cMSmK6ftHvU



මල් වගේ හිනැහී බලා

ලාල ලල් ලල් 

ලාල ලල් ලල්

ලාල ලල් ලල් ලා....


මල් වගේ හිනැහී බලා

ආදරෙන් රස ගී ගයා ....//

ජන්මෝත්සවයේ මගේ

සාදරෙන් පිළිගන්නෙමී


මල් වගේ හිනැහී බලා

ආදරෙන් රස ගී ගයා


ආයුබෝවන් ආව හැමටම

හිතවන්තයිනි මගේ

වාසනාවන් මල් හිනාවන්

පිහිනමු සෙනෙහෙ ගඟේ

පිහිනමු සෙනෙහෙ ගඟේ

පිහිනමු සෙනෙහෙ ගඟේ


ජිවිතේ අපගේ මෙසේ

සන්තොසින් සතුටින් ගෙවේ ...//

ප්‍රීති වේ නම් මේ වගේ

ශෝක සංකා නෑ හිතේ


මල් වගේ හිනැහී බලා

ආදරෙන් රස ගී ගයා


ශ්‍රී ලංකාවේ වාසී හැම දෙන

එක්වී එකට ගැටී

එකම පවුලේ දූ පුතුන් මෙන්

සතුටින් සිටිමු අපී


සතුටින් සිටිමු අපී

සතුටින් සිටිමු අපී


ජන්ම භූමියෙහී අපේ

සාමයේ කුසුමන් පිපේ ...//

ප්‍රීති වේ නම් මේ වගේ

බේද කරදර නෑ රටේ


මල් වගේ හිනැහී බලා

ආදරෙන් රස ගී ගයා


දැන් ඉතින් එක සෝයුරන් මෙන්

කවුරුත් එකතු වෙලා

ප්‍රීති වන්නකො ගී ගයන්නකො

සැනසෙමු සතු⁣ටු වෙලා


සැනසෙමු සතු⁣ටු වෙලා

සැනසෙමු සතු⁣ටු වෙලා


සාමයේ සහජීවනේ 

දාමයෙන් එක් වී බැඳී ...//

ප්‍රීති වේ නම් මේ වගේ

ලෝකයේ දුක  යයි නැසී


මල් වගේ හිනැහී බලා

ආදරෙන් රස ගී ගයා

ජන්මෝත්සවයේ මගේ

සාදරෙන් පිළිගන්නෙමී

ජන්මෝත්සවයේ මගේ

සාදරෙන් පිළිගන්නෙමී


ගායනය - ඉන්ද්‍රාණි වජේබණ්ඩාර

පද - ගුණරත්න අබේසේකර

තනුව - හින්දි


1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.


1958 දී භාරතයේ තිරගතවූ Detective හින්දි චිත්‍රපටියට ගීතා දත් සමග මොහොමඩ් රාෆි ගැයූ Kal talak hum thik tha යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Singers: Geeta Ghosh Roy Chowdhuri (Geeta Dutt), Mohammed Rafi

Lyricists: Shailendra (Shankardas Kesarilal)

Music Composer: Mukul Roy

Movie/album: Detective (1958)



දෝසේ සාදා පාපෙ ගැලීලා

දෝසේ සාදා 

පාපෙ ගැලීලා මනු ලෝ සතා ...//


ප්‍රාණෙ නසන්නා කාමෙ ඇලෙන්නා

එච්චර දේ කරන්නා සම්පත් විඳින්නා

ලෞකික භාවේ නිස්සාරතාවේ

විකට විකාරේ නොදැන නොතේරේ

පව් බර වැඩෙනා වූ අනේකා

හෝ..

අපරාධ ක්‍රියා එපා එපා


දෝසේ සාදා 

පාපෙ ගැලීලා මනු ලෝ සතා


ධර්මෙ බැඳෙන්නා සීලෙ රකින්නා

යුක්ති කරන්නා හැම දා හිඟන්නා

පෝසත් නොවූ ඒ සුදනාගෙ චිත්තේ

රැඳෙනා වු සාමේ මහඟු සැපේ දේ


පාපී දනා එහි ශාපේ විඳීවී

හෝ

පාපී දනා එහි ශාපේ විඳීවී

කී කළ දේ ඵල දේ මේ ලොවේ


දෝසේ සාදා 

පාපෙ ගැලීලා මනු ලෝ සතා


බෝ විට සුදනා නොදැන නොතේරී

මේ දුදනාගේ දැලෙහි වැටේවී

සත්‍යාසත්තේ තේරී බේරී

දෝෂ කලා වූ අය රැවටේවී


පංච ශීලේ සාරවත් වේ

හෝ

පංච ශීලේ සාරවත් වේ

මැදියම් පිළිවෙත ඒ යෝග්‍ය වේ


දෝසේ සාදා 

පාපෙ ගැලීලා මනු ලෝ සතා


ගායනය - මොහිදීන් බෙග්

පද - කරුණාරත්න අබේසේකර

තනුව - Kalyanji Virji Shah

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1958 දී භාරතයේ තිරගතවූ Post Box 999 හින්දි චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ Jogi aaya leke sandesha bhagwan ka යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


1959 දී තිරගතවූ "ශ්‍රී 296" චිත්‍රපටියේ ගීයකි.




හින්දි ගීතය

जोगी आया लेके संदेसा भगवन का

जोगी आया लेके संदेसा भगवन का

ध्यान धरो रे भाई ध्यान धरो रे

ध्यान धरो रे भाई धरम का इमां का

जोगी आया लेके संदेसा भगवन का

जोगी आया लेके संदेसा भगवन का


तेरी भलाई साथ है तेरे

तेरी बुराई साथ है तेरे

जो भी किया है तूने यहाँ रे

उसका नतीजा साथ ही डेड

लिख तेरी करनि का लेखा

लिख तेरी करनि का लेखा

जो मालिक है जहाँ का

जोगी आया लेके संदेसा भगवन का


चुपके से जाके सोच अकेले

क्या क्या तूने खेल है खेलेड

देखा है तूने अपना सुख रे

चाहे कितने कोई दुःख झेले

भूल गया हरी दिन दयामय

भूल गया हरी दिन दयामय

वो साथी न धनवान का

जोगी आया लेके संदेसा भगवन का


मत भटके तू ो संसारी

लोभ मोह की है अंधियारी

आते जाते खायेगा ठोकर

पड़ी रहेगी दौलत साडी

अपने मन के कोने में तू

अपने मन के कोने में तू

अब डीप जलाले ज्ञान का

जोगी आया लेके संदेसा भगवन का


Jogi aaya leke sandesha bhagwan ka

Jogi aaya leke sandesha bhagwan ka

Dhyan dharo re bhai dhyan dharo re

Dhyan dharo re bhai dharam ka iman ka

Jogi aaya leke sandesha bhagwan ka

Jogi aaya leke sandesha bhagwan ka


Teri bhalai sath hai tere

Teri burai sath hai tere

Jo bhi kiya hai tune yaha re

Uska natija sath hi dede

Likh teri karni ka lekha

Likh teri karni ka lekha

Jo malik hai jahan ka

Jogi aaya leke sandesha bhagwan ka


Chupke se jake soch akele

Kya kya tune khel hai kheled

Dekha hai tune apna sukh re

Chahe kitne koi dukh jhele

Bhul gaya hari din dayamay

Bhul gaya hari din dayamay

Wo sathi na dhanwan ka

Jogi aaya leke sandesha bhagwan ka


Mat bhatke tu o sansari

Lobh moh ki hai andhiyari

Aate jate khayega thoakr

Padi rahegi daulat sari

Apne man ke kone me tu

Apne man ke kone me tu

Ab deep jalale gyan ka

Jogi aaya leke sandesha bhagwan ka


Song - Jogi aaya leke sandesha bhagwan ka

Singer - Prabodh Chandra Dey (Manna Dey)

Lyricist - Pyarelal Shrivasta (P. L. Santoshi

Music Composer - Kalyanji Virji Shah

Movie - Post Box 999 (1958)